භානුක අමරසිංහ
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය උදයංග හේමපාල මහතා පත් කළ බව එම මණ්ඩලය පවසයි. එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව හිස් වුණු ධුරය සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ.
ඒ අනුව මැයි 27 වැනිදා සිට බලාත්මක වන පරිදි මහාචාර්ය උදයංග හේමපාල මහතා සභාපතිවරයා ලෙස පත් කර ඇත. ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන අතර, වර්තමානයේදී එම විශ්විවද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම ඒ මහතා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාද වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd