මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. වසර 2018 සඳහා වාර්ෂික මාර්ග සැකැස්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 4කට ආසන්න අගයක පැවැති බව පවසන මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති නිශ්චිතව තබා ගත යුතු බවත් ආයෝජන ආකර්ෂණය කරගත යුතු බවත් පෙන්වාදෙයි. ආර්ථික වර්ධනය කෘත්‍රීමව ඇතිවුවහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවීය.
මේ වසරේදී ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව තිබෙන ණය නැවත ගෙවීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 1.9කි. ඊට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පොලීය වන රුපියල් මිලියන 600ක් ද අයත් වේ. ඊට අමතරව බාහරි ගෙවීම් රුපියල් බිලියන 2.5ක් සහ දේශීය වශයෙන් ගෙවිය යුතු ණය රුපියල් බිලියන 380ක් ද ඊට අයත් වේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ ව්‍යාපාරික සහ නිවාස ණය වලට පොලි අනුපාතය ඉතා ඉහලය. ව්‍යාපාරිකයන් අලුත් ව්‍යාපාර ඇරබීමට හෝ තිබෙන ව්‍යාපාර වැඩි දියුණු කිරීමට නොපෙලෙබෙන අතර, සාමාන්‍ය ජනතාව නිවාස ඉදිකිරීමට පැකිලීමක් දක්වති , එතකොට කොහොමද ආර්ථික වර්ධනයක් සිදු වෙන්නේ ? මොන ක්‍රමයකින් හෝ ණය පොලි අනුපාතය 2015 මුල තිබුන මට්ටමට ගෙන එන්න පුළුවන් නම් ආර්ථික වර්ධනයක් රටේ ඇතිවේවි
ආර්ථිකයක් වර්ධනය වෙන්න මිනිසුන් අතර මුදල් සංසරණයක් සිදුවෙන්න ඕනේ...
කරගෙන යන්න හැම දේම විකුණන කාලේ ඕකත් හොඳ ගණනකට විකුණුවා නම් හරි. එතකොට ප්‍රශ්ණ සියල්ල අවසන්.
රටක ණය සේවාකරණ අනුපාතය ඉහළ අගයක් ගන්න කොට පොළී අනුපාතය ඉහළ යන එක ස්වභාවිකයි. ඒ වගේම රටක ආර්ථිකය වර්ධනය වෙන්න ඉදිකිරීම් නම් ආර්ථික බුබුළේ යැපෙන්න බැහැ. ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර පුළුල් කරන්න මැලි වෙන්නේ කෙටි කාලීන පොළී අනුපාතය මත නොවෙයි. ඉහළ ශ්‍රම පිරිවැය, පුහුණු ශ්‍රමයේ හිඟය සමඟ ප්‍රතිපත්තිමය අස්ථාවරබව ව්‍යාපාර පුළුල් කිරීමට ලංකාවේදි බාධාවක්.
2014 සහ 2015 මුල් කොටසේ ආර්ථික වර්ධනයක් පෙන්වූවා. නමුත් 2015 අග භාගයේ සිට පොලී අනුපාතය ඉහල යාම ඇරඹීමත් සමගම ආර්ථික වර්ධනය අඩාල වන බව හොඳින් නිරීක්ෂණය කරන කෙනෙකුට පෙනෙනවා. මිනිස්සු මුදල් බැංකු ගිණුම් වල දමාගෙන හිටියට රටක ආර්ථික වර්ධනයක් සිදුවෙන්නේ නැහැ. මුදල් සංසරණය වෙන්න ඕනේ, එතකොට තමා නව රැකියා අවස්ථා ඇතිවෙන්නේ... හොඳම උදාහරණය ජර්මනිය වසර 2001 සිට 2005 විතර වෙනකම් රටේ ආර්ථික පසු බෑමක් පෙන්නුම් කලා. නමුත් 2006න් පසු රජය එහි ව්‍යාපාරික සහ නිවාස ණය වාර්ෂික පොලි අනුපාතය 1-2 % ත් අතර පවත්වාගෙන යන ලෙස බැංකු වලට උපදෙස් දුන්නා. 2007 සිට සෑම වර්ෂයකම එහි ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන අතර යුරෝපයේ සහ ලෝකයේ හොඳම ආර්ථික වර්ධනයක් තිබෙන රටල් කිහිපය අතරේ ජර්මනිය පසුගිය වසර 10 විතර කාලයක් තුල සිටිනවා.
වර්ෂ 2014දී මමත් 8.5% වාර්ෂික පොලි අනුපාතයකට රුපියල් කොටි 1 1/2 ණයක් ලබාගෙන මගේ සංචාරක හෝටල් ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ආයෝජනය කළා. දැන් එම මුදලින් අඩකටත් වැඩිය ගෙවා අවසානයි. තව කාමර කිහිපයක් සෑදීමට තව රුපියල් කෝටි 2 ක පමණ ආයෝජනයක් කිරීමට මගේ අදහස තිබුණි. ඉන් කොටසක් බැංකු ණයක් ලෙස ගැනීමට මම බලාපොරොත්තු වුනෙමි. නමුත් දැන් බැංකු ණය වලට වාර්ෂික පොලි අනුපාතය 16% කට වැඩි අගයක් ගනී. එමනිසා මම ආයෝජනය කිරීමේ අදහස ඉවත දමා මගේ ළඟ වැඩිපුර තිබෙන මුදල බැංකුවට දමා පොලිය ලබාගනිමි. වාර්ෂික පොලි අනුපාතය 10% අඩු වෙනවා නම් මමත් ණයක් ගෙන ආයෝජනය කරමි. නැත්නම් වැඩි පොලියට ණයක් ගෙන මගේ ව්‍යාපාරය අනවශ්‍ය ලෙස අනතුරේ දැමීමට මම කැමති නැත. මගේ ව්‍යාපාරික සගයන්ගෙන් වැඩි දෙනෙකු මේ හා සමානම අදහසක් දරති.
කුමාරස්වාමි මහතා... කෑමට හරි රුසියෙක්වත් සිංගප්පූරුවේ වැසියෙක්වත් නෙවෙයි නේද?
ඒ කියන්නේ යහපාලනේ මහබැංකුවෙන් හොරා කාපු සල්ලි ටික සේරම ආයෙත් මහා බැංකුවට අරගෙන, ඊට පස්සෙ ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්, ග්‍රැටිවිටි එකට ගහපු 14% පොළිය නැති කරලා, අපිව හූරගෙන කන්න හදන එකත් නවත්වනවා කියන එකද?
වසරේ 5.5% ආර්ථික වර්ධනයක් ලබාගන්න නම් , නය පොලි අනුපාතය 8% දක්වාවත් අඩු කල යුතුය . නැත්නම් මිනිස්සු සල්ලි බැංකුවේ දමාගෙන එකෙන් කකා බිබී ඉන්නවා මිසක් ආයෝජනය කරන්නේ නැහැ
ඉදිරි වසරේ 5,5 ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා කියලා කියන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්... ඔබතුමා එම ඉලක්කය සපුරා ගැනීම සඳහා සකස් කල සැලසුම් අපට ඉදිරිපත් කරන්න පුළුවන්ද? එතකොට කියන්නම් ඔය වැඩේ හරියනවද නැද්ද කියලා...