එම්.එම්.බි.එල් පාතෆයින්ඩර් සමූහ ව්‍යාපාරයට අයත් ලෙෂර් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම හා ඉන්දියාවේ අයි.ටී.සී හෝටල් සමුහයේ මෙරට ව්‍යවසායකයන් වන වෙල්කම් ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම ගිවිසුම අනුව දිවයිනපුරා ස්ථාන ගණනාවක මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් ජාලයක් ආරම්භ කරන්නට පසුබිම සකස් කෙරේ.
ති‍්‍රකුණාමලය, කටුනායක, ගාල්ල, මාතර හා මහනුවර යන ප‍්‍රදේශවල තෝරාගත් ආකර්ශණීය ස්ථානන වල මැදි කාණ්ඩයේ හෝටල් ඉදිකරනු ඇති අතර එහි පළමුවැන්න සඳහා ක‍්‍රිකුණාමලය වෙරළබඩ තීරය තෝරාගෙන ඇත. එම්.එම්.බි.එල් ලෙෂර් සමාගම යාපනය නගර මධ්‍යයේ ඉදිකරන ලද ජෙට්වින් ජැෆ්නා හෝටලය, බෙන්තොට ලංකා හවුස් බෝට් සහ සිනමන් එයාර් අභ්‍යන්තර ගුවන් සමාගමේ ප‍්‍රධාන කොටස්කරුවන් වන අතර ඒවා සංචාරක ක්ෂේත‍්‍රයේ අභිවර්ධනයට හේතුවන ආයෝජන සේ සැලකේ.
වෙල්කම් හොටෙල් ලංකා ආයතන කළමනාකාර අධ්‍යක්ෂ අරුන් පතාක් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඞ් ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් කරන ලද අතර ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංග්,එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් ආයතන නිර්මාතෘ මිලින්ද මොරගොඩ, ප‍්‍රධාන විධායක කේ. බාලසුන්දරම්, ඉන්දීය මහ කොමසාරිස් ලේකම් සූජා මෙනන්, අයි.ටී.සී ආයතන උප සභාපති සුභී කොෂී ජෝර්ජ්, අයි.ටී.සී ආයතන මූල්‍ය අංශ ප‍්‍රධානී අභීජීත ශී‍්‍ර නිවාසන් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්න දේශපලකයෝ ලංකාවත් ඩුබායි වගේ ඉන්දියන්කාරයන්ට රටේ වෙළදාම බාරදීල රටේ වෙළදුන් විනාස කරලා තමයි නවතින්නේ පිටරට වල වෙළදුන් පෝසත් කරන්නට පෙර රටේ ඉන්න වෙළදුන්ට දියුණු කරන්න කිසිම වැඩපිළිවලක් නැ. කරන එකම දේ ඡන්දෙ කාලෙට වෙළෙන්දන්ගෙන් මුදල් අරගන ඒ අය ඡන්දෙ දිනා ගන්නවා දිනාගෙන රටේ වෙළදුන් විනාස කරනවා
මොන ජාලවට ඇතුල් වුනත් අන්තිමට එකතුවෙන්නේ ඉන්දියානු සමාගමකට. අපේ අය ඉන්දියාවේ වැසිකිලි හෝදන්න යවන දිනය වැඩි ඈතක නැහැ.
සංචාරක අදායම් මාර්ග ටික ඔක්කොම පිට රටියන්ට දෙන්නද හදන්නේ , කොමිස් කුට්ටි වලට යට වෙලා , අපේ මිනිස්සු වහල්ලු හැටියට පිට රට වල වැඩ . මේවට විසඳුම් නැද්ද ?
විදේශ ආයෝජනයෙක් ඇවිල්ලා අලුතින් ව්‍යාපාරයක් අරඹනවා නම් ඒකේ රැකියා අලුතෙන් බිහි වෙනවා නම් ගැටළුවක් නෑනේ. මොකද නව ව්‍යාපාරයක් ඇරඹුවාම තමයි අලුතින් ආදායම් ජනිත වෙන්නේ. ඒක රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතුවක්....