IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මහා පරිමාණ හෝටල් ජාලයකට MMBL පාත්ෆයින්ඩර් සහ අයි.ටී.සී. ගිවිසුමක

එම්.එම්.බි.එල් පාතෆයින්ඩර් සමූහ ව්‍යාපාරයට අයත් ලෙෂර් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම හා ඉන්දියාවේ අයි.ටී.සී හෝටල් සමුහයේ මෙරට ව්‍යවසායකයන් වන වෙල්කම් ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම ගිවිසුම අනුව දිවයිනපුරා ස්ථාන ගණනාවක මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් ජාලයක් ආරම්භ කරන්නට පසුබිම සකස් කෙරේ.

ති‍්‍රකුණාමලය, කටුනායක, ගාල්ල, මාතර හා මහනුවර යන ප‍්‍රදේශවල තෝරාගත් ආකර්ශණීය ස්ථානන වල මැදි කාණ්ඩයේ හෝටල් ඉදිකරනු ඇති අතර එහි පළමුවැන්න සඳහා ක‍්‍රිකුණාමලය වෙරළබඩ තීරය තෝරාගෙන ඇත. එම්.එම්.බි.එල් ලෙෂර් සමාගම යාපනය නගර මධ්‍යයේ ඉදිකරන ලද ජෙට්වින් ජැෆ්නා හෝටලය, බෙන්තොට ලංකා හවුස් බෝට් සහ සිනමන් එයාර් අභ්‍යන්තර ගුවන් සමාගමේ ප‍්‍රධාන කොටස්කරුවන් වන අතර ඒවා සංචාරක ක්ෂේත‍්‍රයේ අභිවර්ධනයට හේතුවන ආයෝජන සේ සැලකේ.

වෙල්කම් හොටෙල් ලංකා ආයතන කළමනාකාර අධ්‍යක්ෂ අරුන් පතාක් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඞ් ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් කරන ලද අතර ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංග්,එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් ආයතන නිර්මාතෘ මිලින්ද මොරගොඩ, ප‍්‍රධාන විධායක කේ. බාලසුන්දරම්, ඉන්දීය මහ කොමසාරිස් ලේකම් සූජා මෙනන්, අයි.ටී.සී ආයතන උප සභාපති සුභී කොෂී ජෝර්ජ්, අයි.ටී.සී ආයතන මූල්‍ය අංශ ප‍්‍රධානී අභීජීත ශී‍්‍ර නිවාසන් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (4)

මහා පරිමාණ හෝටල් ජාලයකට MMBL පාත්ෆයින්ඩර් සහ අයි.ටී.සී. ගිවිසුමක

SHAN SAUDI Tuesday, 13 June 2017 07:50 AM

අපේ රටේ ඉන්න දේශපලකයෝ ලංකාවත් ඩුබායි වගේ ඉන්දියන්කාරයන්ට රටේ වෙළදාම බාරදීල රටේ වෙළදුන් විනාස කරලා තමයි නවතින්නේ පිටරට වල වෙළදුන් පෝසත් කරන්නට පෙර රටේ ඉන්න වෙළදුන්ට දියුණු කරන්න කිසිම වැඩපිළිවලක් නැ. කරන එකම දේ ඡන්දෙ කාලෙට වෙළෙන්දන්ගෙන් මුදල් අරගන ඒ අය ඡන්දෙ දිනා ගන්නවා දිනාගෙන රටේ වෙළදුන් විනාස කරනවා

:       0       0

lalith Tuesday, 13 June 2017 10:43 AM

මොන ජාලවට ඇතුල් වුනත් අන්තිමට එකතුවෙන්නේ ඉන්දියානු සමාගමකට. අපේ අය ඉන්දියාවේ වැසිකිලි හෝදන්න යවන දිනය වැඩි ඈතක නැහැ.

:       59       77

chaminda Wednesday, 14 June 2017 02:33 AM

සංචාරක අදායම් මාර්ග ටික ඔක්කොම පිට රටියන්ට දෙන්නද හදන්නේ , කොමිස් කුට්ටි වලට යට වෙලා , අපේ මිනිස්සු වහල්ලු හැටියට පිට රට වල වැඩ . මේවට විසඳුම් නැද්ද ?

:       38       32

himal Monday, 19 June 2017 05:19 AM

විදේශ ආයෝජනයෙක් ඇවිල්ලා අලුතින් ව්‍යාපාරයක් අරඹනවා නම් ඒකේ රැකියා අලුතෙන් බිහි වෙනවා නම් ගැටළුවක් නෑනේ. මොකද නව ව්‍යාපාරයක් ඇරඹුවාම තමයි අලුතින් ආදායම් ජනිත වෙන්නේ. ඒක රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතුවක්....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 302 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site