එම්.එම්.බි.එල් පාතෆයින්ඩර් සමූහ ව්‍යාපාරයට අයත් ලෙෂර් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම හා ඉන්දියාවේ අයි.ටී.සී හෝටල් සමුහයේ මෙරට ව්‍යවසායකයන් වන වෙල්කම් ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම ගිවිසුම අනුව දිවයිනපුරා ස්ථාන ගණනාවක මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් ජාලයක් ආරම්භ කරන්නට පසුබිම සකස් කෙරේ.
ති‍්‍රකුණාමලය, කටුනායක, ගාල්ල, මාතර හා මහනුවර යන ප‍්‍රදේශවල තෝරාගත් ආකර්ශණීය ස්ථානන වල මැදි කාණ්ඩයේ හෝටල් ඉදිකරනු ඇති අතර එහි පළමුවැන්න සඳහා ක‍්‍රිකුණාමලය වෙරළබඩ තීරය තෝරාගෙන ඇත. එම්.එම්.බි.එල් ලෙෂර් සමාගම යාපනය නගර මධ්‍යයේ ඉදිකරන ලද ජෙට්වින් ජැෆ්නා හෝටලය, බෙන්තොට ලංකා හවුස් බෝට් සහ සිනමන් එයාර් අභ්‍යන්තර ගුවන් සමාගමේ ප‍්‍රධාන කොටස්කරුවන් වන අතර ඒවා සංචාරක ක්ෂේත‍්‍රයේ අභිවර්ධනයට හේතුවන ආයෝජන සේ සැලකේ.
වෙල්කම් හොටෙල් ලංකා ආයතන කළමනාකාර අධ්‍යක්ෂ අරුන් පතාක් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඞ් ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් කරන ලද අතර ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංග්,එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් ආයතන නිර්මාතෘ මිලින්ද මොරගොඩ, ප‍්‍රධාන විධායක කේ. බාලසුන්දරම්, ඉන්දීය මහ කොමසාරිස් ලේකම් සූජා මෙනන්, අයි.ටී.සී ආයතන උප සභාපති සුභී කොෂී ජෝර්ජ්, අයි.ටී.සී ආයතන මූල්‍ය අංශ ප‍්‍රධානී අභීජීත ශී‍්‍ර නිවාසන් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහා පරිමාණ හෝටල් ජාලයකට MMBL පාත්ෆයින්ඩර් සහ අයි.ටී.සී. ගිවිසුමක