මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ වත්තල නිව් ස්මාර්ට් හාර්ඩ්වෙයාර් වෙතය. එහි හිමිකරු වූ ඒ. ශිවා මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මම වත්තල මේ වෙළදසැල කරන්නේ අවුරුදු 8ක ඉදන්. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් ගොඩක් අඩුයි. දැනට මාස තුනක හතරක වගේ කාලයක ඉදන් බිස්නස් ගොඩක්ම අඩුයි. ඇත්තෙම නැති තරම්.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන හේතුව තමයි භාණ්ඩ මිල ඉහළ යාම. මේ දිනවල වැලි සිමෙන්ති මිල ඉහළයි. වැලි සිමෙන්ති මිල අධිකයි කියන්නේ මිනිස්සු ගෙවල් ආදී ඉදිකිරීම් කරන්නේ හරිම අඩුවෙන්. අපි ළඟ තියෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් උපාංග නිසා අපිටත් බිස්නස් අඩුයි.
මිනිස්සුන්ට කන්න බොන්නත් සල්ලි නැති කාලේ ගෙවල් හදන්නේ නෑ. කොහොමහරි බලන්නේ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්න. අපිටත් බිස්නස් කරන්න අමාරුයි ඒ නිසා. අනික දැන් අපිට භාණ්ඩ ලබාදෙන තොග වෙළෙන්දෝ ණයට භාණ්ඩ දෙන්නෙත් නෑ. ණයට ගත්තාම අපිට භාණ්ඩ අලෙවි කරලා ඒ මුදල් වලින් ණය පියවන්න පුළුවන්.
එහෙත් දැන් අත්පිට මුදලට විතරයි දෙන්නේ. ඒ නිසා එකපාර භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිලදී ගන්නත් බෑ. සේවක වැටුප් ගෙවලා කඩ කුලී ගෙව්වාම අපිට ලොකුවට ලාබ ලබන්න බෑ. ඕක තමයි මේ දවස්වල බිස්නස් වල තත්වය. කියන්න තරම් සතුටුදායක තත්වයක් නෑ.
ශෂිකා අබේරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මාස තුනක හතරක ඉඳන් බිස්නස් ගොඩක්ම අඩුයි වත්තල නිව් ස්මාර්ට් හාර්ඩ්වෙයාර් හිමිකරු ඒ. ශිවා