IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෙවරත් සෙලාන් සහයෝගය හිමිවූ ‘කැදැල්ල’ ප්‍රදර්ශනය සාර්ථකව නිමා වේ

සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් තේමා සහ නිල බැංකු සහකරු (Title and Official Banking Partner) ලෙස කටයුතු කළ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථකව අවසන් විය. මෙම ප්‍රදර්ශනය 2025 මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. Asia Exhibition and Conventions මගින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනයේදී නරඹන්නන්ට නිවාස ඉදිකිරීම හා අලංකරණය සම්බන්ධ නිෂ්පාදන හා සේවා රාශියක් දැකබලා ගැනීමට අවස්ථාව හිමි විය. 

මෙහි ප්‍රදර්ශන කුටි අතරට සෙලාන් බැංකුවේ ප්‍රදර්ශන කුටියක්ද ඇතුළත් වූ අතර, ඒ හරහා නිවාස හිමිකරුවන්ට, ගැනුම්කරුවන්ට සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට වැදගත් වන නිවාස ණය පෞද්ගලික ණය, ලීසිං පහසුකම්, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් මෙන්ම ආයෝජන සේවා ඇතුළු සේවා රැසක් පිරිනැමීමට සෙලාන් බැංකුව කටයුතු කළේය. 

කැදැල්ල ප්‍රදර්ශනයේ සෙලාන් බැංකු කුටියේ විශේෂත්වය වූයේ එහි සිටි නිවාස ණය විශේෂඥයන් විසින් නරඹන්නන් වෙත ලබා දුන් සේවයයි. ආකර්ෂණීය පොලී අනුපාත යටතේ සෙලාන් නිවාස ණය සහ පෞද්ගලික ණය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සහය ලබාදීමට අමතරව එම ක්‍රියාවලිය පුරාම ඔවුන්ට අවශ්‍ය දැනුවත් කිරීම් හා මගපෙන්වීම් කිරීමටද මෙම නිවාස ණය විශේෂඥයෝ කටයුතු කළහ. මෙම සුවිශේෂී සේවාව හේතුවෙන් ණය පහසුකම් ලබාගැනීමේදී වරින් වර බැංකුවේ විවිධ අංශවල නිලධාරීන් හමුවීමට යාමෙන් තොරව, වඩාත් ඉක්මනින් තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි විය. 

එමෙන්ම වැඩි වන විදුලි බිලට විසඳුමක් වශයෙන් සෙලාන් සූර්ය බලශක්ති ණය පහසුකම් සඳහා අයදුම් කිරීමටද කැදැල්ල ප්‍රදර්ශනය නරඹන්නන්ට අවස්ථාව හිමි විය. මේ සඳහා සෙලාන් බැංකුව විසින් රටේ ප්‍රමුඛ පෙළේ සූර්ය බලශක්ති සමාගම් 35 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන, සහනදායී පොලී අනුපාත යටතේ සූර්ය බලශක්ති ණය පහසුකම් පිරිනමන ලදී.

 



අදහස් (0)

මෙවරත් සෙලාන් සහයෝගය හිමිවූ ‘කැදැල්ල’ ප්‍රදර්ශනය සාර්ථකව නිමා වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site