විමුක්ති එස් රුද්‍රිගු
මූල්‍ය ස්ථායිතා මණ්ඩලයේ ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම පසුගියදා කොළඹදී රැස්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම රැස්වීමේ සත්කාරකත්වය දැරූ දෙවැනි අවස්ථාව මෙය බවද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම රැස්වීමේ සම සභාපතිත්වය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ හොංකොං මූල්‍ය අධිකාරියේ එඩී යූ මහතා විසින් දරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. රටවල් රැසක් සහභාගී වූ එම රැස්වීමේදී මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට බලපාන ගැටලු රැසක් සාකච්ඡාවට බඳුන් වූ බවත් ඒ අතර ගෝලීය සහ කලාපීය මූල්‍ය අවදානම්, ජාත්‍යන්තර ගෙවීම් වැඩි දියුණු කිරීමේ ප්‍රයත්න ඇතුළු කරුණු ගණනාවක් තිබූ බවත් මහ බැංකුව පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මූල්‍ය ස්ථායිතා මණ්ඩලයේ ආසියානු උපදේශක කණ්ඩායම කොළඹදී රැස්වෙලා