IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය බිඳ වැටුණොත් සමස්ත පද්ධතියම අවදානමේ

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ


භානුක අමරසිංහ 


මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය අතිශය වැදගත් බවත්, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය බිඳ වැටීම හරහා සමස්ත පද්ධතියම කඩා වැටීමේ අවදානමක් පවතින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 
“මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් විශ්වාසය නැතිවුණොත් ජනතාව තමන්ගේ මුදල් මූල්‍ය පද්ධතිය තුළ තැන්පත් කිරීම සිදු කරන්නේ නෑ. එය සමස්ත පද්ධතියම කඩා වැටීමට හේතු වෙනවා.“ 
ඒ අනුව මහ බැංකුව ලෙස මුදල් ස්ථාවරත්වය සම්බන්ධයෙන් කටයුතු කරන අතරම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමේ වගකීමක්ද තමන් සතු බව අධිපතිවරයා අවධාරණය කළේය. 
“ජනතාවගේ තැන්පතු භාර ගන්නා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය කරන ආයතනය ලෙස මහ බැංකුව වෙත මේ තැන්පතු ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා. ඒ වගේම එම තැන්පතු යොදා ගනිමින් මූල්‍ය ආයතන මගින් ලබා දෙන ණය පහසුකම් හරහා ආර්ථිකය වෙත වඩාත් සුමටව සහයෝගය ලබාදීමට හැකියාව ලැබෙනවා.“ 
පසුගියදා කොළඹදී පැවැත්වුණු ජාතික ණය සුරැකුම් ආයතනය නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. 
විශේෂයෙන්ම රටෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත ණය ලබාදීමේදී මෙම තැන්පතු අතිශය වැදගත් බවත් අධිපතිවරයා පැවසීය. 
කෙසේ වෙතත් මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය වෙත සිදු කරන ණය ලබාදීම තවමත් එක සමානව සිදු නොවන බවත්, එහිදී ක්‍රමවත් ණය තොරතුරු පද්ධතියක් නොමැතිවීම ඊට හේතුව බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 
“සීමිත හෝ කිසිදු ණය ඉතිහාසයක් නොමැති පිරිස වෙත ණය ලබාදීමට මෙම ණය දෙන්නන් මැලිවෙනවා. ඒ නිසා වඩාත් විනිවිදභාවයකින් යුත් වඩාත් සරලව පිවිසිය හැකි ණය තොරතුරු පද්ධතියක අවශ්‍යතාව පවතිනවා.“ අධීපතිවවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය බිඳ වැටුණොත් සමස්ත පද්ධතියම අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site