
(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ මුල් මාස දහයේදී වාණිජ බැංකුවලින් පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,976ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
රජය හා රාජ්‍ය ආයතන හැර අනෙකුත් අංශවලට ලබාදෙන ණය පෞද්ගලික අංශයට ලබාදෙන ණය ලෙස සැලකෙන අතර නිවාස ණය, පෞද්ගලික ණය, ව්‍යාපාරික ණය, රන් හා උකස් භාණ්ඩ ණය යනාදිය එම පෞද්ගලික ණයවලට අයත් වේ.
මුල් මාස දහයේදී පෞද්ගලික අංශයට දුන් ණයවලින් රුපියල් බිලියන 433ක් රන් භාණ්ඩ හා උකස් ණය බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා කරයි.
මේ වසරේ මුල් මාස හයක කාලයේදී පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,917ක් වන අතර ඉන් රුපියල් බිලියන 197ක් රන් භාණ්ඩ හා උකස් ණය වේ.
මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට වාණිජ බැංකුවල රන් භාණ්ඩ උකස් ණය ශේෂය රුපියල් බිලියන 241ක් බවත් ඉකුත් වසරේ එනම් 2019 වසරේ දෙසැම්බර් 31 වන විට එම ශේෂය රුපියල් බිලියන 211ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ, ‘වාණිජ බැංකුවල ණය සහ අත්තිකාරම් පිළිබඳ කාර්තුමය සමීක්ෂණය’ වාර්තාවේ මෙම සඳහන් වේ.
අදාළ කාලසීමා තුළදී ණය ගෙවීම් පියවීම් සිදුවන බැවින් එකිනෙක සංඛ්‍යා සංසන්දනය කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුල් මාස 10 ට වාණිජ බැංකුවලින් කෝටි 40,000 ක ණය