IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මුල් මාස 08 දී මත්ස්‍ය නිෂ්පාදනය සියයට 10.7 කින් පහළට

භානුක අමරසිංහ


මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 250,000ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සැප්තැම්බර් මාසය සඳහා වන කෘෂිකර්ම දත්ත විවරණිකාව නිකුත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ මෙට්‍රික් ටොන් 276,000 ක මත්ස්‍ය නිෂ්පාදනය හා සැසඳීමේදී සියයට 10.7ක අඩුවීමක් පෙන්නුම් කිරීමකි. 
මෙහිදී මූලිකවම මිරිදිය ධීවර නිෂ්පාදනය 2024 අගෝස්තු මාසය දක්වා වාර්තා කළ මෙට්‍රික් ටොන් 73,000 ට සාපේක්ෂව 2025 වසරේ එම කාලසීමාවේදී මෙට්‍රික් ටොන් 39,000ක් ලෙස සියයට 46.9 කින් පහත වැටීම මේ සඳහා හේතුව වී තිබේ. කෙසේ වෙතත් 2024 වසරේ අගෝස්තුව දක්වා වාර්තා කළ මෙට්‍රික් ටොන් 203,000 ක සාගර මත්ස්‍ය නිෂ්පාදනය හා සැසඳීමේදී 2025 වසරේ එම කාලසීමාවේදී සිට මෙට්‍රික් ටොන් 211,000 ක් දක්වා සියයට 3.4 කින් ඉහළ නැග තිබේ.
මෙම වාර්තාවට අනුව 2024 වසරේදී මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 411,000ක් වන අතර, 2023 දී එය මෙට්‍රික් ටොන් 407,000 ක් විය. ධීවර අමාත්‍යාංශය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත යොදා ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ.



අදහස් (0)

මුල් මාස 08 දී මත්ස්‍ය නිෂ්පාදනය සියයට 10.7 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site