IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෙරට වැඩි පිරිසක් අවදානමට ලක්ව ඇත්තේ පවුලේ අවශ්‍යතාවලට ණය ගැනීමෙන්

  • නිශ්චිතව මෙරට ජනතාවගෙන් සියයට 33.4ක් ණය හේතුවෙන් අවදානමට ලක්වෙලා
  • ලබාගත් ණය හේතුවෙන් වත්කම් ඉක්මනින් අහිමිවීමේ අවදානමක්
  • ලාංකික ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් පැති කීපයක් ඔස්සේ අවදානමක
  • ඉහළ ගොස් ඇති ජීවන වියදම වැනි කරුණු සලකා බැලීමේදී මෙරට ජනතාව පීඩා විඳින ණය ගැටලු‍ව තවත් දැඩිවීමේ හැකියාවක්
  • ප්‍රමාණවත් මූල්‍ය සාක්ෂරතාවක් නොමැතිවීම ණය ගැටලු‍ව උග්‍රවීමට ප්‍රධාන හේතුවක්
  • ණය තිරසරභාවය ඇති කිරීම සඳහා බහු ආකෘතික විසඳුම් අවශ්‍යයි

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට ජනතාවගෙන් වැඩි පිරිසක් අවදානමට ලක්ව ඇත්තේ සිය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් ණය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය ඉකුත්ද‌ා ප්‍රකාශ කළාය.

නිශ්චිතව මෙරට ජනතාවගෙන් සියයට 33.4ක පිරිසක් ණය හේතුවෙන් අවදානමට ලක්ව තිබෙන බවත් ඒ හේතුවෙන් අහිමිවීම්වලට මුහුණ දෙන බවත් ඇය පැවැසුවාය. එලෙස අවදානමට ලක්වූ ජනතාව අතර ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සඳහා ණය ලබාගත් අයද සිටින බවත් ඔවුන්ට ලබාගත් ණය හේතුවෙන් වත්කම් ඉක්මනින් අහිමිවීමේ අවදානමට ලක්ව තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

මෙම කරුණු එක්සත් ජාතීන්ගේ 2023 බහු අවදානම් දර්ශකයේ සඳහන් වන බවත් කීපවතාවක් තමන් මෙම කරුණු මතක් කරදී තිබෙන බවත් කුබෝටා මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලාංකික ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් පැති කීපයක් ඔස්සේ අවදානමට ලක්ව තිබෙන බව එහි සඳහන් වන බව ඇය ප්‍රකාශ කළාය.

ඉහළ ගොස් ඇති ජීවන වියදම වැනි කරුණු සලකා බැලීමේදී වර්තමානයේ මෙරට ජනතාව පීඩා විඳින ණය ගැටලු‍ව තවත් දැඩිවී තිබීමට හොඳ හැකියාවක් තිබෙන බවද ඇය පැවැසුවාය. මූල්‍ය තීරණ ගැනීමට සහ ණය ගැටලු‍ව කළමනාකරණය කර ගැනීමට ණය ලබාගත් ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් කාන්තාවන් තුළ ප්‍රමාණවත් මූල්‍ය සාක්ෂරතාවක් නොමැති වීම ණය ගැටලු‍ව උග්‍රවීමට ප්‍රධාන හේතුවක් බව ප්‍රජාව සමග සාකච්ඡා කිරීමේදී පෙනී ගියේ යැයි කුබෝටා මහත්මිය ප්‍රකාශ කළාය.

ණය තිරසරභාවය ඇති කිරීම සඳහා බහු ආකෘතික විසඳුම් අවශ්‍ය බව ඉන් පෙනී යන බවත් පවුල් මට්ටමින්ද ණය තිරසරභාවය ඇතිවිය යුතු බවත් එහිදී ඇය පෙන්වා දුන්නාය. ඒ හේතුවෙන් ණය ආශ්‍රිතව මෙරට ජනතාව මුහුණ දෙන අවදානම් තත්වයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙනයන ණය කළමනාකරණ උපායමාර්ග, මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ ජීවනෝපාය විවිධාංගීකරණය කිරීම වැනි ක්‍රියාමාර්ගවලට සහායවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවද ඇය ප්‍රකාශ කළාය.

පසුගිය වසරේ මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම දියත් කිරීමෙන් පසුව ත්‍රෛ භාෂා මූල්‍ය සාක්ෂරතා මොඩියුල, ඉගෙනුම් උපාකාරක පොතක් සහ උපදේශන වීඩියෝ පට මාලාවක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවට සහාය ලබාදුන් බවද ඇය පැවැසුවාය.

තරුණ ප්‍රජාවගේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතුළුව මෙම මුලපිරීම ආරම්භ වූ බවද ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සාක්ෂරතා උපදේශන කඳවුරට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියද එකතුවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවද ඇය පැවැසුවාය.

මූල්‍ය සාක්ෂරතා විෂය නිර්දේශය එළිදැක්වීමට, උපදේශන වීඩියෝපට මෙන්ම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන සඳහා සුදුසුකම් ලත් පුහුණුකරුවකු හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී පසුගියද‌ා (03) පැවැති උත්සවයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය මෙම අදහස් පළ කළාය.



අදහස් (0)

මෙරට වැඩි පිරිසක් අවදානමට ලක්ව ඇත්තේ පවුලේ අවශ්‍යතාවලට ණය ගැනීමෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site