IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මාර්ක්ස්පෙන් සමූහය යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී


මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය ඉකුත් 24,25,26 තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගණයේ දී පැවති 15වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සදහා සහභාගී විය. ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වූ අතර, එයට 73,000 කට අධික පිරිසක් සහභාගී වූහ. 

මාර්ක්ස්පෙන් ලේබල්ස් සමාගම සහ මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම, මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය යටතේ පවතින කැපීපෙනෙන සමාගම් ද්විත්වයකි. මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම ‘Smart Agriculture’ සංකල්පය හරහා ඉදිරිපත් කරනු ලබන DOMA CTP 20  ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රයට 15 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී සුවිශේෂ ස්ථානයක් හිමිවිය. DOMA CTP 20 යන්ත්‍රය, විදුලි පිරිවැය අඩු කරමින් ගල් වැලි සියයට 100ක් ඉවත් කර පැයකට වී කිලෝ 1000ක් සහල් බවට පත් කරනු ලබයි. දිනකට පැය 16ක් පමණ යන්ත්‍රය අඛණ්ඩව ක්‍රියා කරන අතර, DOMA CTP 20 යන්ත්‍රය භාවිතයෙන් කාර්යක්ෂමව කෙටි කාලයක් තුළ වැඩි ක්‍රියාකාරීත්වයක් ලබා ගත හැකි වීම සුවිශේෂ වේ. 

මෙහිදී වඩාත් කැපීපෙනෙන කරුණක් වන්නේ, මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය මෙතෙක් වෙළෙඳපොළට හදුන්වා නොදුන් උසස් ප්‍රමිතියෙන් යුතු යන්ත්‍ර සූත්‍ර සහ නව්‍ය විසඳුම් රැසක් වෙළෙඳ ප්‍රදර්ශනයට එක් කර තිබීමය. එය පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලු‍මට සහ අවධානයට හේතු විය. වෙළෙඳ ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති අමිල් ගල්අංග මහතා පවසා සිටියේ, “15 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාවගෙන් අපට සුවිශේෂ ප්‍රතිචාරයක් ලැබුණු අතර, මාර්ක්ස්පෙන් සමාගමේ යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලු‍ම සැලකීමේ දී, උතුරු පළාතේ ජනතාව මාර්ක්ස්පෙන් සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය නැවතත් තහවුරු කර ගැනීමට හැකි වුණා” යන්නය.

15 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ 192, 193 සහ 194 වෙළෙඳ කුටි තුළ මාර්ක්ස්පෙන් ලේබල්ස් සමාගමෙහි නිෂ්පාදන ඇතුළුව මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය විසින් පිරිනමනු ලබන උසස් තත්වයේ උපකරණ සහ නව්‍ය විසඳුම් රාශියක් ඉදිරිපත් කරන ලදී. ඒ අතර මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර (POS Terminals, Barcode Labels, Printing Ribbons" POS Printers Barcode Scanners) ඇතුළත් විය.



අදහස් (0)

මාර්ක්ස්පෙන් සමූහය යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 62 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 119 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 187 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 31 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 26 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1210 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site