IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාර්ක්ස්පෙන් සමූයේ DOMA CTP 20 යාපනය ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයේ


මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය (Markspen Group) , 15වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගී වන අතර, අද (24) සිට 26 වැනිදා දක්වා මුත්‍රවේලි ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. මෙහිදී DOMA CTP 20 වර්ගයේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබන එකම නියෝජිත ආයතනය වන මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම විසින් DOMA CTP 20 යන්ත්‍රය ද ව්‍යාපාරිකයන් සහ නව ව්‍යවසායකයන්ට මෙම වෙළෙද ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කරනු ලබයි. 

මාර්ක්ස්පෙන් ලේබල්ස් (පෞද්ගලික) සමාගම සහ මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම, මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය යටතේ පවතින දැවැන්ත කැපීපෙනනෙ සමාගම් ද්විත්වයකි. මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාගම වන මාර්ක්ස්පෙන් ලේබල්ස් සමාගම, ආයතන සහ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නවීන උපකරණ සහ සේවා සැපයීම සිදු කරනු ලබයි. මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර ගෙන්වා බෙදා හැරීම මාර්ක්ස්පෙන් ලේබල්ස් සමාගම විසින් සිදු කරයි.

මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික ‘Smart Agriculture’ සංකල්පය හරහා DOMA CTP 20 ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබන එකම නියෝජිත ආයතනය වේ. DOMA CTP 20 20 යන්ත්‍රය, විදුලි පිරිවැය අඩු කරමින් මුල් අවස්ථාවේ දීම සහල්වල ඇති ගල්, වැලි, රොඩු ඉවත් කිරීම නිසා යන්ත්‍රයේ රබර් රෝල් හානිය අවම කරයි. ගල් වැලි සියයට 100ක් ඉවත් කර පැයකට වී කිලෝ 1000ක් සහල් බවට පත් කරනු ලබයි. යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියා කරන බැවින් තනි පුද්ගලයකුට හෝ හැසිරවිය හැක.එබැවින් සේවක ගැටලු‍ සහ නිෂ්පාදන පිරිවැය අවම වේ. දිනකට පැය 16ක් පමණ යන්ත්‍රය අඛණ්ඩව ක්‍රියා කරන අතර, DOMA CTP 20 යන්ත්‍රය භාවිතයෙන් කාර්යක්ෂමව කෙටි කාලයක් තුළ වැඩි ක්‍රියාකාරීත්වයක් ලබා ගත හැකි වීම සුවිශේෂී වේ. ඊට අමතරව වී වියළීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් යන්ත්‍ර, සහල්වල කළු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර, පොල්තෙල් සිඳින යන්ත්‍ර ආදී යන්ත්‍රසූත්‍ර සදහා මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම ප්‍රමුඛතාව ලබා දෙනු ලබයි.

 



අදහස් (0)

මාර්ක්ස්පෙන් සමූයේ DOMA CTP 20 යාපනය ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site