IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මයිලෝ, කඩදාසි බීම බට භාවිතය අරඹයි

නෙස්ලේ සමාගමේ ජනාදරයට පත් සන්නාමයක් වන මයිලෝ, තම සැකසූ පානය සමඟ ලබාදෙන ප්ලාස්ටික් බීම බටය වෙනුවට කඩදාසි බීම බටයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ මෙරට සැකසූ පාන අතුරින් වඩාත් තිaරසාර විසඳුමක් ලෙස කඩදාසි බීම බට හඳුන්වා දුන් පළමු නිෂ්පාදනය බවට පත්වෙමිනි.

මේ සමඟ වසරකදී ප්ලාස්ටික් බීම බට මිලියන 90ක් පමණ භාවිතයෙන් ඉවත් කිරීමට හැකි වී තිබෙන අතර, මයිලෝ පාන ඇසුරුම සියයට 100ක්ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි තත්ත්වයට ද පත්කොට තිබේ. තම නිෂ්පාදන ඇසුරුම් හරහා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට නෙස්ලේ සමාගම අනුගමනය කරන විවිධ පියවර රාශියක් අතුරින් තවත් සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි බව එම සමාගම සඳහන් කරයි.

මීට අමතරව නිෂ්පාදන ක්‍රියාවලි සහ ඇසුරුම්කරණ විසඳුම් පිරිනමන සමාගමක් වන Tetra Pak සහ නෙස්ලේ සමාගම එක්ව මෙවැනි සැකසූ පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ඒකකයක් ද පිහිටුවා තිබේ. මෙම ප්‍රතිචක්‍රීයකරණ ඒකකය හරහා මයිලෝ සැකසූ පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කරන අතර, ශ්‍රී ලංකාවේ සමස්ත සැකසූ පාන කර්මාන්තයටම එමගින් ප්‍රතිලාභ අත්කරගත හැක.

මීට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ තෝරාගත් පළාත් පාලන ආයතන හා එක්ව වගකීම් සහගත ලෙස කසළ බැහැරකිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පාසල් මට්ටමින් සිදුකිරීමට නෙස්ලේ සමාගම පියවර ගෙන ඇත. එම වැඩසටහන යටතේම ප්‍රතිචක්‍රීයකරණය සඳහා මයිලෝ සැකසූ පාන ඇසුරුම් ලබාගැනීමට අපේක්ෂිතය. 2021 වසර අවසානය වනවිට මෙම වැඩසටහන දිවයින පුරා පාසල් 250ක් අතරට ගෙනයාම නෙස්ලේ සමාගමේ ඉලක්කය වේ. ප්ලාස්ටික් ඇසුරුම් අපද්‍රව්‍ය සඳහා තවදුරටත් එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිචක්‍රීයකරණය ව්‍යාපෘති හඳුන්වාදීම ද සමාගමේ තවත් බලාපොරොත්තුවකි.

“ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා විසඳුමක් සැපයීමේ සහ තිරසාර මෙහෙයුම් වර්ධනය කිරීමේ අභියෝගය ජයගැනීමට නෙස්ලේ සමාගම කැපවී ක්‍රියා කරනවා. එබැවින් ඉදිරි වසර කිහිපය තුළ අපි සැලසුම් කර ඇති දැවැන්ත තිරසාර වැඩසටහන් අතුරින් පළමුවැන්න ලෙස මෙය හැඳින්වීමට මා කැමතියි. වර්ෂ 2022 වනවිට අප භාවිත කරනු ලබන ප්ලාස්ටික් පූර්ණ වශයෙන් වගකීම් සහගත ලෙස බැහැර කිරීමත්, 2025 වසර වනවිට අපගේ සියලුම නිෂ්පාදන සියයට 100ක්ම ප්‍රතිචක්‍රීයකරණ තත්ත්වයට ළඟා කරගැනීමත් අපේ සැලසුමයි. ශ්‍රී ලංකාවේ අනාගතයට සුබවාදී බලපෑමක් ඇති කරන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට හැකි වීම පිළිබඳ අපි මහත් සේ සතුටට පත්වන අතරේ, අපගේ පාරිභෝගිකයින්ට වගේම පරිසරයටත් යහපත ගෙන දෙන නිෂ්පාදන පිරිනැමීමට අපි කැපවී කටයුතු කරනවා.” යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆැබ්රිස් කැවලින් මහතා පැවසීය.

 



අදහස් (0)

මයිලෝ, කඩදාසි බීම බට භාවිතය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site