IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මැයි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

භානුක අමරසිංහ
මේ වසරේ මැයි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක 55.5 ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2025 අප්‍රේල් මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වාර්තා වූ මන්දගාමී තත්වයෙන් මිදී යළි යථා තත්වයට පත්වීමක් පෙන්නුම් කරවීමක් බවද මහ බැංකුව සඳහන් කරයි. 
එහිදී මැයි මාසයේදී සියලු‍ම උප දර්ශක ඉහළ මට්ටමක පැවතී තිබේ. ඒ අනුව මැයි මාසයේදී රෙදිපිළි සහ ඇඟලු‍ම් අංශයේ නිෂ්පාදන ඉහළ යෑම නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක පිළිවෙළින් අප්‍රේල් මාසයේ සිට මැයි මාසය දක්වා 36.5 සිට 56.5 ක් ලෙස සහ 30.00 සිට 55.5 ක් දක්වා වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. 
එසේම තොග මිලදී ගැනුම් අප්‍රේල් මාසයේ පැවැති 41.0 මට්ටමේ සිට 50.00 ක් දක්වා කඩඉම් මට්ටමකට පත්ව තිබේ. මීට අමතරව රෙදිපිළි සහ ඇගලු‍ම් අංශයේ නිෂ්පාදන හේතුවෙන් සේවා නියුක්ති උප දර්ශකයත් අප්‍රේල් මාසයේ පැවැති 44.9 සිට 56.0 දක්වා ඉහළ නැග ඇත.
“ඉල්ලු‍මෙහි අපේක්ෂිත වර්ධනයත් සමග ඉදිරි මාස තුන සඳහා නිෂ්පාදන කටයුතු සඳහා අපේක්ෂා ධනාත්මකව පවතී. එහෙත් විදුලි ගාස්තු ඉහළ යෑම සහ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්වය පිළිබඳව අවධානයට යොමු කළ යුතුව ඇත.” යනුවෙන් මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර සේවා අංශයෙහි ශ්‍රී ලංකා කළමනාකරුවන්ගේ දර්ශකය ද, සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින් මැයි මාසයේදී 57.0 ක අගයක් වාර්තා කර තිබේ. එහිදී මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වී තිබේ. එසේම වෘත්තීය සේවා සහ තොග සහ සිල්ලර වෙළෙඳාම ද මැයි මාසයේදී වර්ධනය වී ඇත. කෙසේ වෙතත් සංචාරක පැමිණීම් පහත වැටීම නිසා නවාතැන් සහ ආහාර පාන සැපයීම සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් මැයි මාසයේ දී පහළ ගොස් තිබේ. 
මෙහිදී මූල්‍ය සේවාවන්හි සිදු වූ වර්ධනයත් සමගින් 2025 මැයි මාසයේදී නව ව්‍යාපාරවල ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ. එසේම සමාගම් කිහිපයක වාර්තා වූ සේවක විශ්‍රාම යෑම් සහ අස්වීම් හේතුවෙන් සේවා නියුක්තිය 44.0 දක්වා පහත වැටී ඇත. එසේම නිම කිරීමට ඇති කාර්යයන්ද මැයි මාසයේදී අඛණ්ඩව පහළ ගොස් තිබේ. 



අදහස් (0)

මැයි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site