IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මැයි මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 21.87ක්

  • 2024 මැයි හා සැසඳීමේදී කිලෝ මිලියන 2.42ක ඉහළ යාමක්
  • වසරේ මුල් මාස පහේදී තේ අපනයනය කිලෝ මිලියන 103.28ක් 
  • වැඩියෙන්ම තේ අපනයනය කර ඇත්තේ ඉරාකයට 

භානුක අමරසිංහ 


මේ වසරේ මැයි මාසයේදී සිදු කළ තේ අපනයනය තේ කිලෝග්‍රෑම් මිලියන 21.87ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ මැයි මාසයේදී සිදුකළ තේ කිලෝග්‍රෑම් මිලියන 19.45 හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 2.42ක ඉහළ යාමකි. 
එහිදී මැයි මාසයේ තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු මිල රුපියල් 1,804.31ක් වන අතර, එය පසුගිය වසරේ මැයි මාසයේදී හිමි වුණු වටිනාකමට වඩා රුපියල් 32.07ක වැඩිවීමකි. එය ඩොලර් වටිනාකම් අනුව ඩොලර් ශත 12ක ඉහළ යාමකි. 
වසරේ මුල් මාස පහ තුළ සිදු කෙරුණු තේ අපනයනය පිළිබඳව දත්ත විශ්ලේෂණය කරමින් Forbes & Walker පර්‌යේෂණ ආයතනය මේ බව සඳහන් කර සිටියි. 
ඒ අනුව ජනවාරි සිට මැයි දක්වා වසරේ මුල් මාස පහක කාලයේදී සිදුකළ තේ අපනයනය තේ කිලෝග්‍රෑම් මිලියන 103.28ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී සිදුකළ තේ කිලෝග්‍රෑම් මිලියන 98.16ක අපනයනය හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 5.12ක ඉහළ යෑමකි. 
කෙසේ වෙතත් මෙම මාස පහක කාලය සඳහා තේ කිලෝග්‍රෑමයක් සඳහා හිමි වුණු වටිනාකමෙහි සාමාන්‍ය රුපියල් 1,756.46ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 මුල් මාස පහ තුළදී හිමි වුණු රුපියල් 1772.33ක වටිනාකම හා සැසඳීමේදී රුපියල් 15.87ක අඩුවීමකි. කෙසේ වෙතත් ඩොලර් වටිනාකම් අනුව මෙය ඩොලර් ශත 15ක ඉහළ යාමකි. 
මෙහිදී 2025 පළමු මාස පහ තුළ මෙරටින් වැඩිම තේ ප්‍රමාණයක් අපනයනය කළ රට වන්නේ ඉරාකයයි. 

එහිදී ඔවුන් තේ කිලෝග්‍රෑම් මිලියන 14.47ක් මිලදී ගෙන ඇති අතර, එය පසුගිය වසරේ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 12.29 හා සැසඳීමේදී සියයට 18ක වර්ධනයකි. එසේම ලිබියාව වෙත තේ කිලෝග්‍රෑම් මිලියන 9.42ක්ද, රුසියාව වෙත 9.12ක්ද අපනයනය කර ඇත. එහිදී රුසියාව වෙත සිදුකළ අපනයනය පෙර වසර හා සැසඳීමේදී සියයට 15කින් අඩුවී තිබේ. 
මීට අමතරව එක්සත් අරාබි එමීරය වෙත කිලෝග්‍රෑම් මිලියන 7.20ක්, ඉරානය වෙත කිලෝග්‍රෑම් මිලියන 5.87ක් සහ තුර්කිය වෙත කිලෝග්‍රෑම් මිලියන 5.78ක් ලෙස වසරේ මුල් මාස පහේදී මෙරට තේ අපනයනය කර ඇත. චිලිය. චීනය සහ සෞදි අරාබිය වෙත සිදුකළ තේ අපනයනය පිළිවෙළින් කිලෝග්‍රෑම් මිලියන 4.74ක්, 4.22ක් සහ 3.56ක් ලෙස සටහන්ව තිබේ. 

 

 



අදහස් (0)

මැයි මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 21.87ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site