IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මැයි මාසයේ ඇමෙරිකාවට ඇඟලු‍ම් අපනයනයන සියයට 7.59 කින් පහළ ගිහින්

අනෙක් වෙළෙඳපොළවල්වලට කරන අපනයන ඉහළ යාමෙන් පාඩුව මගහරවා ගෙන
එක්සත් රාජධානියට කරන ඇඟලු‍ම් අපනයනයද මැයි මාසයේදී සියයයට 6.18 කින් පහළ ගිහින්
මැයි මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම ඩොලර් මිලියන 365.08 ක්


විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව, ඇමෙරිකාවට සිදුකරන ලද ඇඟලු‍ම් අපනයනයන සියයට 7.59 කින් පහළ වැටුණත් අනෙක් වෙළෙඳපොළවල් සිදුකරන ඇඟලු‍ම් අපනයන ඉහළ යාම හේතුවෙන් ඉන් සිදු පාඩුව මගහරවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු බව ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානියට සිදුකරන ඇඟලු‍ම් අපනයනයද පසුගිය මැයි මාසයේදී සියයයට 6.18 කින් පහළ වැටුණු බව එම සංසදය පැවැසුවේය. 

කෙසේ නමුත් පසුගිය මැයි මාසයේදී යුරෝපා සංගමයට සිදු කරන ඇඟලු‍ම් අපනයනයන සියයට 5.15 කින් සහ අනෙකුත් වෙළෙඳපොළවල්වලට සිදු කරන ඇඟලු‍ම් අපනයන සියයට 11.1 කින් ඉහළ ගොස් තිබෙන බවද එම සංසංදය ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් පසුගිය වසරේ මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකියාව ලැබුණු බවත් මැයි මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 365.08 ක් බවත්, එය සියයට 0.63 ක සුළු පහළ යාමක් බවත් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පැවැසුවේය. විශේෂයෙන් නැගී එන වෙළෙඳපොළවල් තුළ සහ යුරෝපා සංගමයේ වෙළෙඳපොළ තුළ අපනයන වර්ධනය වීමෙන් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය දිරිමත් වී සිටින බවද පැවැසෙයි.
මෙම වසරේ පළමු මාස 5 තුළ ඇඟලු‍ම් අපනයන සියයට 9.8 කින් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.02 දක්වා වර්ධනය වී ඇත. එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයට සිදුකරන අපනයන මෙම වසරේ පළමු මාස 5 තුළදී සියයට 15.6 කින් වර්ධනය වී ඇති අතර සම්ප්‍රදායික නොවන වෙළෙඳපොළවල්වලට කරන අපනයන සියයට 13.12 කින් වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අපනයන ප්‍රගතිය පවත්වා ගෙන යාම සඳහා දිගුකාලීන තරඟකාරිත්වයට ඉඩ සලසන සහ ගෝලීය අභියෝග හමුවේ අපනයනකරුවන්ට ඉදිරියට යාමට සහාය වන ස්ථාවර මෙන්ම පුරෝකථනය කළ හැකි වෙළෙඳ ප්‍රතිපත්ති පරිසරයක අවශ්‍යතාව ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පෙන්වා දුන්නේය.



අදහස් (0)

මැයි මාසයේ ඇමෙරිකාවට ඇඟලු‍ම් අපනයනයන සියයට 7.59 කින් පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site