මුදවපු කිරිවලට ඇති ඉල්ලූම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පශු සම්පත් මණ්ඩලය මගින් පුද්ගලික අංශය දියුණු කිරීමටත් කුඩා කිරි ගොවීන්ට උදව් කිරීමටත් බලාපොරොත්තු වෙන බවත් ඒ මහතා කියයි.
“අප රටේ අද වනවිට පුද්ගලික කිරි පට්ටි 20,000 ක් පමණ සහ මී හරක් පට්ටි 5,000ක් පමණ තිබෙනවා. ඊට අමතර විශාල පට්ටිත් ඇතිකරගෙන යනවා.ඇත්ත වශයෙන්ම අද අපි සූදානම් වන්නේ මේ ක්ෂේත්‍රයේ තරඟකාරී නවීකරණයක් ඇති කිරීමටයි. ඉස්සර මේ ක්ෂේත්‍රයේ නිරත වූණේ පුද්ගලික අංශයයි.“
“ජනපතිවරයා කිරි ගොවීන් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක නියෝජනය කරනවා.අගමැති වරයා වශයෙන් මම නියෝජනය කරන්නේ කිරි පාරිභෝගිකයන් සිටින ප්‍රදේශයයි.මේක ජාතික ආණ්ඩුවක්. නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් යන දෙපිරිසම එහි ඉන්නවා. “
“අප අලූතින් ආරම්භ කළ අනෙක් කර්මාන්ත වන්නේ කුකුල් කර්මාන්තයයි. අද කුකුල් කර්මාන්තය දියුණුයි. එය පුද්ගලික අංශය විසින් කරගෙන යනවා. ප්‍රීමා වැනි සමාගම් පැමිණීම නිසා කුකුලන්ට අවශ්‍ය ආහාර සැපයීමට අපට ශක්තිය ලැබී තිබෙනවා. පශු සම්පත් තුළින් අප බලාපොරොත්තු වන්නේ රටේ ජනතාවට අවශ්‍ය කිරි ,බිත්තර හා මස් ලබාදීමටයි. “
“දැනට විශාල සමාගම් තිබෙනවා වගේම කුඩා ගොවීන් නවීකරණය කර අලෙවිය සදහා අවස්ථාව සපයාදීම පිළිබදව ඇමතිතුමා සමග සාකච්ඡා කරනවා. “
ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවති ජාත්‍යන්තර සත්ව ආහාර, පශු සම්පත් සහ සත්ව සෞඛ්‍ය ප්‍රදර්ශනය විවෘත කරමින් ඒ මහතා මේ බව කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මුදවපු කිරිවලට තියෙන ඉල්ලුම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි " මේ සිංහල නම් තේරෙන්නේ නැහැ.
ඔබතුමා ලංකාවටම විහිළුකාරයෙක් වෙලා ඉවරයි. ඡන්දෙ දීලා අපි මෝඩ වුණා... මුල අමතකයි නේද?
හොඳම පට්ටිය තියෙන්නේ සිරි ජයවර්ධන පුර කෝට්ටේ නේ
" මිනිස්සු අගමැති තුමා බනින්නේ? මුදවපු කිරි සඳහා ඉහල ඉල්ලුමක් පවතිනවා තමයි.එක සංචාරක කර්මාන්තය සඳහා ආකර්ෂණයක් ලෙස යොදා ගන්න පුළුවන්. මම නම් මේ කඩේ යන්නේ නෑ . හැබැයි , බොරු සෝබන කාරයෝ එක්ක බලපුවාම ඔය තමයි අපිට ඉතුරු වෙලා ඉන්න එකම සහ අවසානම යමක් ලෝකය සමග කල හැකි නායකයා. පුලුවන්නම් මම වැරදියි කියලා ඔප්පු කරලා පෙන්නන්න මේ පුලුවන්ද? නිකම් තිබුණු පලියට කතා කරන්න හරි ලේසියි.
යන්නේ කොහෙද.. මල්ලේ පොල් .. මේ මනුස්සය කියන කිසිම දේක අග මුල ගැලපෙන්නේ නෑනේ. පිස්සුද .? හැටිද.. ? ඇත්තටම මේ රටක අගමැති කෙනෙක්ද? රටේ ඉන්න ජනතාව ගැන මනින්න වෙන මිමි මොකටද ..
පිස්සු නැතිනම් හොඳයි... දැන් එතකොට ලෝකේ රටවල් වල ජාතික ආණ්ඩු තියෙන්න ඕනා නිෂ්පාදකයෝයි, පාරිභෝගිකයෝයි දෙගොල්ලෝම ඉන්න නම්.. ජාතික ආණ්ඩු නැති රටවල් වල ඔය දෙගොල්ලෝම නැද්ද අගමැතිතුමෝ? අපි එහෙම නම් කටුනායක ගුවන්තොටුපොළේ කිරි කඩයක් දාල බලමු අගමැතිතුමෝ ..
මෙතුමා කියන විදිහට ලංකාවට එන සංචාරකයන් වැඩි ප්‍රමානයක් ලංකාවට එන ප්‍රධාන හේතුව ලංකාවේ තිබෙන මුදවපු කිරි ? සමහර විට එතුමා අවංකවම එහෙම හිතනවා වෙන්න පුළුවන් ,
ලංකාවෙ මී හරක් 6200000 ක් ඉන්නවා
මුදවපු කිරි කන්න මිනිස්සු පිටරටවල ඉදන් මෙහෙ එයි කියලද හිතන් ඉන්නේ?
ඔය සේරම පට්ටිවල ඉන්න සත්තු බලන්න රනිල් සහ සිරිසේන මහත්වරු දෙන්නා යැව්වා නම් හරි.
නොදන්නා සිංහල කතාකරන්න ගිහිල්ලා මෙයා අමාරුවේ වැටෙනවා...
මේක හරියට ඖෂධ වලට තියෙන ඉල්ලුම නිසා රෝගීන් වැඩි කල යුතුයි කියනවා වගෙයි.
මෙතුමා හැම විටකම නයා අල්ලන්නේම වැරදි තැනින්. ඉතාලියේ ඉන්න මට නම් තවම හම්බවෙලා නැහැ මුදවපු කිරි කන්න බලාගෙන ලංකාවට ගිය සංචාරකයෙක්. යමෙක් හම්බ වුණත් ඔවුනුත් කතා කරන්නේ ලංකාවේ වෙරළ තීරය ගැන මිසක් මුදවාපු කිරි ගැන නම් නොවේ.
මෙතුමාගේ දැනුමේ ප්‍රමාණයද? එහෙම නැත්නම් මහජනතාව අනුවණයි කියලා හිතනවද?
මේ කියන්නේ නිකන්ද?
මී හරක් හිතනවා ඇති අපිටත් වැඩිය මී හරක් තවත් ඉන්නවද කියල
මී හරක් නැතිනම් සංචාරක ව්‍යාපාරයත් නැහැ. මී කිරිත් නැහැ. නරකද සංචාරක ඇමැතිගෙ පට්ටම වෙනස් කළොත්. එක්කෝ මී හරක් භාර ඇමති නැතිනම් කිරි පැණි ඇමතිෙ කියලා...
හරයක් නොමැති කතා කියන දේසපාලන..... නාකිසෙට් එක ... ගෙදර යා යුතුය.
පට්ටියේ කිරි ටික අපනයනය කරන්න බැරිද ?
ඉරටු කොස්ස බලන්න වෙන්න ඇති සංචාරකයෝ එන්නේ...
පුළුවන්නම් මම වැරදියි කියලා ඔප්පු කරලා පෙන්නන්න. පුළුවන්කම තිබුණ නමුත් වාසනාවකට 2005 දී මෙයා පෙරලිලා මහින්ද මහතා බලයට ආව. හලෝ පොඩ්ඩක් ඉංග්‍රීසි දන්නවා නම් කරුණ කරලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මෙයා උතුරට දෙන්න යෝජනා කරපු අයි.එස්.ජී.ඒ ගැන කියවලා බලන්නකෝ. මෙයාගෙන් ඔබට රත්තරන් චේන් ලබුණානේද?
මොලේ කචල්වෙලා වත්ද?...