IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට කාර්ය සාධක බලකායක්

ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමත් අරමුණක් 
නිර්දේශ 40ක් සම්බන්ධයෙන් ලංකාව අනුකූලතාව ප්‍රදර්ශනය කළ යුතුයි.
ප්‍රතිඵල 11ක් තුළ අන්‍යොන්‍ය ඇගයීමක් 
ආයතන ගණනාවකට දැනුම්දීලා
වංචාව දූෂණය පිටුදකින ප්‍රයත්නයටත් ශක්තියක් 


යොහාන් භාසුර


මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සම්බන්ධීකරණය කරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වැනි අන්‍යොන්‍ය ඇගයීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

මූල්‍ය කාර්ය සාධක බලකායේ (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදක) නිර්දේශ 40 ක් සම්බන්ධයෙන් දක්වන තාක්‍ෂණික අනුකූලතාව මෙන්ම ප්‍රතිඵල 11 ක් හරහා ඒවා ඵලදායි ලෙස ක්‍රියාත්මක කරන්නේ යැයි අන්‍යොන්‍ය ඇගයීම තුළ ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ යුතු යැයි මහ බැංකුව කියයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුවේ පවතින දුර්වලතා නිවැරදි කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගෙනහැර දක්වන, අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දියයුතු ක්‍රියාකාරී සැලසුම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපති දෙපර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා රේගුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යංශය, ආරක්‍ෂක අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාව, ඉදිකිරීම් කර්මාන්තත සංවර්ධන අධිකාරිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තතුව යන අදාළ පාර්ශවකාර ආයතන වෙත දැනුම් දී ඇති බව ද මහ බැංකු පවසයි.

ආයතන අනුව සකස් කළ එම ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු අධීක්‍ෂණය කිරීම සහ පසු විපරම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවයෙන් 2023 වසරේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බලකාය ද ස්ථාපිත කළ බව මහ බැංකුව සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා රජයේ සහයෝගය සහතික කරමින් ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා රජය ගෙනයන ප්‍රයත්නයන්ට අනුකූලව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, එම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බළකාය ඉහළ මට්ටමේ අමාත්‍ය නියෝජනයක් සහිතව ප්‍රතිසංවිධානය කර ඇත.

එම කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා කටයුතු කරයි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නෙලු‍මනී දවුලගල, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ඒ.කේ.ඩී.ඩී.ඩී. අන්දර යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති. 

පසුගිය ජනවාරි 29 දින පැවති එහි පළමු රැස්වීමේදී, කාර්ය සාධක බළකායේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් විසින් අන්‍යොන්‍ය ඇගයීමේ උපායමාර්ගික වැදගත්කම ඉස්මතු කරන ලද අතර, මෙම තීරණාත්මක ඇගයීමට සාර්ථකව මුහුණ දීම සඳහා සෑම පාර්ශ්වකරුවකුගේම පූර්ණ සහයෝගීතාව ඉල්ලා සිටියේය.



අදහස් (0)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට කාර්ය සාධක බලකායක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site