IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මුද්‍රණ කර්මාන්තය සෞභාග්‍යවත් අනාගතයට යායුතුයි

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය සෞභාග්‍යවත් අනාගතයක් කරා රැගෙන යාමේ වගකීම නව සභාපතිවරයා ලෙස තමන්ට පැවරෙන බව ජනක රත්නකුමාර මහතා  පසුගියදා ප්‍රකාශ කළේය.
මුද්‍රණ කර්මාන්තය තුළ ව්‍යාපාර 4000 ක් පමණ තිබෙන බවත් එය මෙරට ශ්‍රී ලාංකිකයන් 40,000 කට පමණ ජීවනෝපාය සපයන බවත් ඔහු පැවැසුවේය. මුද්‍රණ කර්මාන්තය වෙළෙඳාමක් පමණක් නොවන බවත් එය සන්නිවේදනය, ඇසුරුම්කරණය, අධ්‍යාපනය සහ අපනයන තරගකාරිත්වයේ මූලික අංගයක් බවත් රත්නකුමාර මහතා සඳහන් කළේය. ඉදිරි වසර දෙක සඳහා සැලැස්ම වන්නේ තිරසාර වර්ධනය, තාක්ෂණික දියුණුව සහ ගෝලීය තරගකාරිත්වය සඳහා උත්ප්‍රේරකයක් ලෙස මුද්‍රණ කර්මාන්තය ස්ථානගත කිරීම බවද ඔහු ප්‍රකාශ කළේය. “සමෘද්ධිය සඳහා මුද්‍රණය” යන තේමාව යටතේ,  මුද්‍රණය කරන ආකාරය පමණක් කාලයට ගැළපෙන අයුරින් වෙනස් කර ගැනීමට අදහස් නොකරන බවත් ඒ යටතේ වේගයෙන් වෙනස් වන ලෝකය තුළ ඉගෙන ගන්නා, අනුගත වන හා නායකත්වය දෙන ආකාරයද වෙනස් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් රත්නකුමාර මහතා පැවැසුවේය.
කර්මාන්ත උපදේශනය හා ප්‍රතිපත්තිමය මැදිහත්වීම, ධාරිතා ගොඩනැගීම සහ අධ්‍යාපනය, තාක්ෂණය සහ තිරසාර පරිවර්තනය, වෙෙළඳපොළ සංවර්ධනය හා  අපනයන ප්‍රවර්ධනය, ආයතනික ශක්තිමත් කිරීම හා සාමාජික සහභාගීත්වය මුද්‍රණ කර්මාන්තයේ ඉදිරි ප්‍රමුඛතා වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය 65 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ජනක රත්නකුමාර මහතා මෙම අදහස් පළ කළේය. පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ ප්‍රගතිය මහා සභා රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අතර 2024/25 වාර්ෂික වාර්තාවද ඉදිරිපත් කෙරිණි.



අදහස් (0)

මුද්‍රණ කර්මාන්තය සෞභාග්‍යවත් අනාගතයට යායුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site