(විනීතා එම් ගමගේ)
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස උතුරු මැද පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ ඇත.
එම අධිකාරියේ හිටපු සභාපති කිත්සිරි දිසානායක මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවු පුරප්පාඩුවට ජයරත්න මහතා පත්කරනු ලැබ ඇත.
මැණික් අපනයනයේ දී අය කෙරෙන සියයට දශම 5 ක සේවා ගාස්තුව වෙනුවට නව බද්දක් හන්ඳුවා දීමට අධිකාරිය කටයුතු කළ අවස්ථාවේ, මැණික් අපනයනකරුවන් ගේ සංගමය ජනාධිපතිවරයා හමුවී නව බද්දෙන් අපනයනකරුවන්ට මතුවන ගැටළු පෙන්වා දී තිබේ.
මෙම නව බද්ද හඳුන්වා දී ඇත්තේ අධිකාරිය අයත් වන පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පවා දැනුම් දීමකින් තොරව යැයි ද වාර්තාවේ.
මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට සහ එහි අධ්‍යක්ෂ ජනරාල් වරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයි අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එහි සභාපති කිත්සිරි දිසානායක මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මම්පිල මහතා ඉල්ලා අස් වී ඇති අතර පේෂල ජයරත්න මහතා පත් කර ඇත්තේ සභාපති තනතුර වෙනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට ගැතිකම් කරන ජනතා ප්‍රසාදයක් නැති අයව රාජ්‍ය ආයතනවලට දමන ජනතා ඡන්දය අමු අමුවේ උල්ලංඝනය කරන, පිල් මාරු කර කර සොරුන් හුරතල් කරන, පාතාලයින්ට පොලිස් ආරක්ෂාව දෙන දකුණු ආසියාවේ අන්ත දූෂිත රාජ්‍ය මෙය වේ.
මේ නොකියා කියන්නේ "ඇම්බට්ටයිනේ අපි මෙන් ඔබලාත් බදුමුදල් වන මහජන මුදල් ගසාකාපියව්" යන්න නොවේද?
පැරදුණු අයට අමාත්‍යාංශ සභාපතිකම්, තානාපතිකම්... මේක නිසා තමයි තානාපති කාර්යාල මහලු අයගේ නිවාඩු නිකේතන වෙලා තියෙන්නේ.
රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කල යුතුයි. සියලු රාජ්‍ය ව්‍යවසායන් අදාල අමාත්‍යංශ වලින් නිදහස්කර, මධ්‍යගත කළමනාකරණ ඒකකයක් යටතට පත්කර, දේශපාලන ඇගිලි ගැසීමෙන් තොර වෘත්තිය ව්‍යාපාර කළමණාකරුවන් යටතේ පාලනය කල යුතුයි. සභාපති හා අධ්‍යක්‍ෂ මණ්ඩලය සුදුකම්ලත් අය පත්කර, රාජ්‍ය විගණනය ක්‍රමවත් හා ශක්තිමත් කල යුතුයි.