IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය සාර්ථකව අවසන්



මහජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණයේ නවතම ප්‍රගතිය, වෛද්‍ය තාක්ෂණය, සුබසාධනය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාර සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වනිමෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025‘ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව නිමාවට පත් විය. 

මෙවර 14 වැනි වරට පැවැති මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025 දේශීය සහ විදේශීය ප්‍රදර්ශකයන්ගේ කුටි 150කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ අතර, දේශීය සහ විදේශීය සෞඛ්‍ය විශේෂඥවරුන් එකම වහලක් යට එක්රැස් කරමින් Aitken Spence Conventions & Exhibitions  සමඟ ඒකාබද්ධවAsia Wellness Forum  විසින් සංවිධාන කරනු ලැබීය. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා ආරම්භ වූ මෙඩිකෙයා 2025 ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් වෛද්‍ය සත්‍යන්ජාල් පාණ්ඩේ, ඉන්දීය සේවා සහ අපනයන ප්‍රවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අභේ සිං ඇතුළු දූත පිරිස ඇතුළු පාර්ශ්වකරුවෝ එක්වූහ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් පුද්ගලයන් වෙනුවෙන් ජීවිත කාලයේ එක් වරක් පමණක් පිරිනැමෙන  Medicare Lifetime Awards  සම්මාන ප්‍රදානය ද සමාරම්භක උත්සවය අතරතුර සිදු කෙරිණි. එහිදී ප්‍රධාන ආරාධිත සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පිළිගනිමින් මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනයේ සමසභාපති වෛද්‍ය අමල් හර්ෂ මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබීය.

මෙම තුන්දින සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ සෙසු ආරාධිතයන් ලෙස වෛද්‍ය මංජුල කරුණාරත්න (සමූහ ප්‍රධාන විධායක නිලධාරී- ආසිරි රෝහල), මහාචාර්ය ලාල් ජී. චන්ද්‍රසේන (විධායක අධ්‍යක්ෂ සහ සාමාන්‍යධිකාරි - නවලෝක රෝහල), වෛද්‍ය යූ.කේ.එම්. ඉස්මායිල් (සභාපති/ප්‍රධාන විධායක නිලධාරි- ලොයිඩ්ස් හෙල්ත්කෙයාර්), වෛද්‍ය කේ. ත්‍යාගරාජා ඉරෙයිවන් (ප්‍රධාන විධායක නිලධාරි- මෙල්ස්ටා රෝහල රාගම), වෛද්‍ය සුසන්ත මල්ලව ආරච්චි (සභාපති- ලෝක පශු විද්‍යා සංගමය ශ්‍රී ලංකා), වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ (ප්‍රධාන විධායක නිලධාරි/ සමනිර්මාතෘ -සෞඛ්‍ය විද්‍යා ජාත්‍යන්තර ආයතනය), මහාචාර්ය ඩබ්.ඒ. හෙලරුවන්  පසන් කුමාර (සභාපති -  Wish Fertility  රෝහල), වෛද්‍ය මෝතිලාල් ද සිල්වා (සභාපති/ අධ්‍යක්ෂ - eChannelling පෞද්ගලික සමාගම), වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - ජාතික රෝහල), වෛද්‍ය ජී. විජේසූරිය (අධ්‍යක්ෂ/නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - වෛද්‍ය සැපයුම් අංශය සෞඛ්‍ය අමාත්‍යාංශය), වෛද්‍ය නලින් ජයසුන්දර (කළමනාකාර අධ්‍යක්ෂ - Aitken Spence Travels) සහ ගීතාමනී සී. කරුණාරත්න (සමසභාපතිනිය - ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව) මහත්ම මහත්මිහු සහභාගි වූහ. 

 



අදහස් (0)

මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය සාර්ථකව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site