(ශිරාන් රණසිංහ)
කුඩා මෝටර් රථ ආනයනයට අදාලව රජය පැනවු බද්ද නිසා රජය සැළසුම් කළ පරිදි වාහන ආනයනය කිරීම සීමා වි ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.
එන්ජින් ධාරිතාව 1000 ට අඩු මෝටර් රථ පසුගිය කාලයේ විශාල ලෙස අලෙවි වු අතර විදේශ විනිමය විශාල ලෙස පිටරටට ඇදී ගියේය.
ඒ නිසා වාහන ආනයනය සීමා දැමීම වෙනුවට බද්ද වැඩි කිරීම හරහා රජය සිය අරමුණු කරා ළඟා වුවද වාහන ආනයනය කර විකිණිමේ ව්‍යාපාරය මේ වන විට සම්පුර්ණයෙන්ම බිඳවැටී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට දැන් වාහන හොදටම ඇති. පාරේ යන්නත් බෑ. පෙට්‍රල් මිලත් රු 200 විතර කරල ඩීසල් රු 75 ට විතර දෙනවානම් මිනිස්සු පොදු ප්‍රවාහන භාවිතයට හුරු වෙනවා.
ලංකාවේ තියෙන පරණ වාහන ආණ්ඩුවට පවරාගෙන ඒවා යකඩ නිෂ්පාදනයට භාවිත කලොත් පාරවල්වල තදබදය අඩුවෙලා ආර්ථික වාසියකුත් ලැබෙයි.
පොදු වාහන? හිටගෙන යන පෝලිම් තුනයි හතරවෙනි පෝලිමට හරියන්න කොන්දොස්තරර ටිකට් ටිකට් කියා කියා එහාට මෙහාට ඇවිදිනවා. කාර්යාලයට යනවිට නැවත නාගන්න තරම් තෙහෙට්ටු වෙලා. හොඳ සිහියෙන් වැඩ ආරම්බ කරන්න තරම් හිත සන්සුන් නැහැ. ඔන්න බස් කෙරුවාව. අපේ රට හැම අතින්ම පිරිහිලා දෙසපාලුවන්ට මේක සුරපුරක්.
වැඩේ හරි !! තව බදු වැඩි කරන්න. නගර වල එක කොනක සිට අනික් කොනට යන්න අඩුම තරමේ පැයක්වත් යනවා ඒතරමටම වාහන. සැප පහසු වෙලාවට ධාවනය වන පොදු වාහන පද්දතියක් තමයි විකල්පේ. කොළඹ නගරය තුල බස් ලේන් තියන් හන්දා දැන් තියෙන්නේ බස් කාල සටහන් හරියට ක්‍රියාත්මක වන විදියේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. දියුණු රටවල පෞද්ගලික බස් නියමිත කාල සටහනකට ධාවනය කරවන අතර එම කාර්ය සඳහා රාජ්‍ය සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මකවේ. සහනාධාර ලබාගන්න නම් ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීම අනිවාර්යයි. ප්‍රවේශ පත්‍රය සමග මහජන පැමිණිලි කළහොත් ඉක්මන් විමර්ශනයකින් පසුව කිසිම බාහිර බලපෑමකින් තොරව සහනාදාර කපාහැරේ. මෙහෙ ඉතින් ක්‍රම සහ විධි ක්‍රියාත්මක කරන එක තමා වැඩේ.
වැඩේ හරි !! තව බදු වැඩි කරන්න...... කවදාවත් දියුණු වෙන්න බැරි මානසිකත්වය ඇවිත් බලන්න මෙහෙ පාරවල් වැඩි දියුණු කරන හැටි වාහන දුවන හැටි
මම හිතනවා පළමුවෙන්ම කලයුතු දෙයක් තමයි ඔය ඩියුටි ෆ්‍රී බලපත්‍ර දෙන එක නවතන එක
කාර් තියෙනෙ අය නෑති අයට කෙලවේයන් කියලා හිතාගෙන බද්ධ වැඩි කරන්න කියනවා. එතකොට පරන කාර් මිලත් නගිනවා. බස්වල තෑලිල යන අය කාර් තියෙන අයට කෙලවෙයන් කියලා තෙල් මිල වෑඩි කරන්න කියනවා. අලුත් කාර් එකකට වඩා පරන කාර් එකක් ගනන් වෑඩි එකම රට ලංකාව.
ගෝත්‍රික මානසිකත්වයක් ඇති රටකට වාහන කියන්න මහා ලොකු දෙයක් වුනාට වෙනත් රටවල වාහන කියන්නේ උපකරණයක් විතරයි , පාවිච්චි කරලා පරණ වුනාම විකුණා දානවා ඊටත් පස්සේ ද්‍රව්‍ය වලට විකුනනවා. රජයක් තියෙන්නේ මිනිස්සු මැරීගෙන බදු ගෙවන්නේ , ගෙදරක හදිසි වුවමනාවකට ඉක්මනින යන්න අමාරුවෙන් සල්ලි හොයන් ගෙන්වන පොඩි වාහනයකටත් 300% බදු ගෙවන්නේ වැඩිවන වාහන ප්‍රමාණයට මාර්ග පද්ධති දියුණුකරන්න. මේවා 21 වැනි ශතවර්ශේ ගොඩේ මැජික් , ඇමතිවරුන්ටත් බැරිය වී 8 වල නොයා කොච්චි බස් වලම යන්න, මොකෝ එයාල මහා ලොකු වැඩක් කරනවද ?
විදේශ විනිමය විශාල ලෙස පිටරටට ඇදී ගියේය කියන ගමන් වාහන ගෙන්වීමේදී 100%, 200% ලෙස ගෙවන බදු මහා බාන්ඩාගාරයට ඇදී ගියේය , ඒවායින් රජය කල සේවයකුත් නැත කියලා සදහන් වුනානම් නිරවද්‍ය යි.
ජනගහනය වැඩි වෙද්දී භාණ්ඩ භාවිතය වැඩිවෙනවා, ඕක තමයි ලෝක ස්වභාවය, ඕක බදු ගහල නවත්තන්න බැහැ, මිනිස්සු බදු ගෙවන්නේ ආණ්ඩු පත්කරගන්නේ ඒවාට සරිලන ලෙස යටිතල පහසුකම් හදන්න, එහෙම නැත්නම් ආණ්ඩු ඕන නැහැනේ, මිනිසුන්ටම පාලනය කරගන්න තිබ්බනේ , දත් බුරුසුවේ සිට වාහන, ගෙවල් හැමදේම භාවිතය වැඩිවෙනවා , එක්කෝ ජනගහනය සිමකරන්න නීති ගෙනෙන්න එක පවුලට එක ළමයයි.
ඔය ඇමැතිවරුන්ට දෙන බලපත්‍රයත් සීමා කළානම් විශාල මුදලක් අනිවාර්යයෙන්ම ඉතුරු කරගන්න තිබුණා. කොහෙද හැමදාම බදුගහලා තලන්නේ පොඩි මනුස්සයවනේ?
වාහන බදු නෙමේ ප්‍රශ්නේ ලංකාවේ පොදු ප්‍රවාහනය තාම 1970 වගේම තම කිසිම දියුණුවක් නැ. හයි වේ දුවන බස්, මෙට්‍රො සිටිවල තිබුණා නම් ඔහොම කට්ටක් මිනිස්සු කන්නේ නැහැ. ටැක්ස් වැඩි කළාට ට්‍රැෆික් නම් අඩු වෙන්නේ නැහැ. මිනිස්සු දුකෙන් ඉඳිද්දදී හූල්ලගෙන එච්චර තමයි.
වාහන විතරක් නෙමෙයි අපේ රටට ගෙන්වන අනවශ්‍ය දේවල් සේරටම වැඩි බදු අයකරන්න ඕනේ.රටේ සල්ලිනෙ පිටතට ගලාගෙන යන්නේ.