(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් අද (21) පහළ වැටිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.93ක් ලෙසත් ගැනුම් අගය 158.73ක් ලෙසත් දැක්විණි.
මේ අනුව ශ්‍රී ලංකා රුපියල අද (21) මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. ශ්‍රී ලංකා රුපියල පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා රුපියල මේ වනවිට දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන අතර, මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි.
පසුගිය වසරේ දී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මේ සතියේ දෙවැනි වරටත් රුපියල බහී
Ratnamalala Wednesday, 22 August 2018 01:55 AM
මේ වෙනස දකිද්දී දැන් අපට කරගත් දේට මාර සතුටක් දැනෙන්නේ.
නීල Wednesday, 22 August 2018 09:45 AM
කවුරුහරි මේ අවපාත වීමෙන් ඇතිවන බලපෑම් සාමාන්‍ය මහජනයාට තේරුම් කර දීමට උත්සාහ ගන්නවා නම් අගෙයි. ටික කලකට පෙර මා මේ ගැන පොලේ වෙලෙන්දියක් සමග කතා කළ විට ඇය කීවේ “ඉතින් මොකද? තාමත් රුපියලට සත 100ක් ලැබෙනවනෙ “ කියායි. මම එතනින් කතාව නැවැත්තුවා.
BamunuarachchiWednesday, 22 August 2018 03:37 PM
ඔය තමයි දේසපාලුවන්ගේ බුද්ධිමත් ඡන්ද දායකයෝ ඕගොල්ලෝ තමයි රට මොන අතට යායුතුද කියලා තීරණය කරන්නේ. මේවගේ ඡන්ද දායකයින්ට තමයි ඔය මේ දේසපාලුවෝ හරියන්නේ. මේ ඡන්ද දායකයෝ නිසා තමයි අපි දුක් විදින්නේ.
BamunuarachchiWednesday, 22 August 2018 03:40 PM
නීල සාමාන්‍ය පෙළවත් සමත් නැති මන්ත්‍රිවරු ඉන්න රටක ඕවා තේරුම් ගන්න මිනිස්සු කොහෙද
sumundu Saturday, 25 August 2018 12:46 AM
ඔහොම යන් ඔහොම යන්. මේ අයව තමන්ගේ නායකයන් කරගත් වරද තේරෙයිද දන්නේ නැහැ,