IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


භූගෝලීය දර්ශක ප්‍රමිතියට අවස්ථාව ලැබීම දේශීය කෘෂි නිෂ්පාදනවල ආරක්ෂාවට ශක්තියක්

  • නීතිමය ආරක්ෂාවෙන් සත්‍යතාවත් වාණිජ වටිනාකමත් රැකගැනීම
  • බුද්ධිමය දේපොළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වැදගත් පියවරක්

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් අවස්ථාව ලබා දී ඇත. මෙම වැදගත් පියවර මගින් ශ්‍රී ලංකාවට අනන්‍ය විශේෂිත කෘෂි නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ගෝලීය වෙළෙඳපොළේ ඒවායේ ආකර්ෂණය ඉහළ නැංවීම අරමුණු කරයි.

2025 පෙබරවාරි 27 වැනි දින දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් මෙම අවස්ථාව හිමි වීම මෙරට බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. එමගින් නිශ්චිත කලාප හා සම්බන්ධ දේශීය කෘෂි නිෂ්පාදන සඳහා නීතිමය ආරක්ෂාවක් ලබා දීමෙන් ඒවායේ සත්‍යතාව/නිවැරදිබව ආරක්ෂා කර ගැනීමට මෙන්ම වාණිජ වටිනාකම ද වැඩි කිරීමට උපකාරී වේ. සිලෝන් කුරුඳු සහ සිලෝන් තේ වැනි සුප්‍රසිද්ධ දේශීය කෘෂි නිෂ්පාදන මෙමගින් ප්‍රතිලාභ ලබනු ඇත. මීට පෙර සිලෝන් කුරුඳු වැනි දේශීය කෘෂි නිෂ්පාදනවලට යුරෝපීය සංගමයේ ඨෂ තත්වය වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව තිබුණද, දේශීය වශයෙන් නීතිමය ආරක්ෂාවක් නොතිබුණි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කරමින් මෙසේ පැවසුවේය. “ශ්‍රී ලංකාවේ භූගෝලීය වශයෙන් අත්කර ගෙන සිටින වාසිමය තත්වය ආරක්ෂා කරමින් වෙ​ෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සහ දේශීය ප්‍රජාවන්ගේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව හිමි වීම වැදගත් පළමු පියවරක් ලෙස පෙන්වා දිය හැකියි- 2017 වසරේ සිට අමාත්‍යාංශය සහ රජය සමඟින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා එක්ව කටයුතු කරන යුරෝපීය සංගමය (EU)  සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) ලබා දුන් දායකත්වය අප අගය කරනවා.” යනුවෙනි. 

2017 - 2021 කාලය තුළ යුරෝපා සංගමය විසින් අරමුදල් සැපයූ Trade-Related Assistance ^EU-TRA&  ව්‍යාපෘතිය යටතේ UNIDO හි තාක්ෂණික සහයෝගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වැඩසටහනක් ලෙස මෙම සහතිකකරණය සඳහන් කළ හැකිය. බුද්ධිමය දේපල පනත සංශෝධනය කිරීම සහ භූගෝලීය දර්ශක ප්‍රමිතිය සඳහා නීති රෙගුලාසි සකස් කිරීම වෙනුවෙන් UNIDO විසින් NIPO වෙත සහයෝගය ලබා දෙනු ලැබීය. මෙම සහයෝගය BESPA-FOOD ව්‍යාපෘතිය හරහා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රයේ වෙළෙඳ සබඳතා ආයතනවල හැකියාවන් ඉහළ නැංවීමටද සමත්ව සිටියි. 

NIPO හි අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර්. රණවක මහත්මිය මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් මෙසේ පැවසුවාය. “

භූගෝලීය දර්ශක (GI) අපගේ දේශීය කෘෂි නිෂ්පාදනවල සත්‍යතාව/නිවැරදිතාව සහ කීර්ති නාමය ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ගෝලීය වෙළෙඳපොළේ ඔවුන්ගේ සුවිශේෂී අනන්‍යතාව පවත්වා ගැනීමට සහාය වනවා- මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික නිෂ්පාදකයන්ට අනිසි ලෙස භාවිත කිරීමට සහ වැරදි ලෙස නිරූපණය කිරීමට එරෙහිව ශක්තිමත් නීතිමය ආරක්ෂාවක් ලබා දෙනවා සේම සාධාරණ ලෙස තරඟ කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා- (GI) සහතිකකරණය සඳහා අවස්ථාව හිමි කරගැනීමෙන් අපි ගුණාත්මකභාවය සහ සම්ප්‍රදාය ආරක්ෂා කරනවා පමණක් නොව ආර්ථික වර්ධනය සහ සාධාරණ වෙ​ෙළඳාම සඳහා නව අවස්ථාද නිර්මාණය කරනවා.”



අදහස් (0)

භූගෝලීය දර්ශක ප්‍රමිතියට අවස්ථාව ලැබීම දේශීය කෘෂි නිෂ්පාදනවල ආරක්ෂාවට ශක්තියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site