
අමතරව ගෙවන මුදල් භාණ්ඩ මිලට එකතුවන ලකුණු
මිල වැඩිවීමේ අවසන් බර පාරිභෝගිකයන්ට
ඇතැම් ආනයනකරුවන්ගේ වියදම් ලක්ෂ දෙක තුනකින් වැඩිවෙලා
බහලුම් රථයක් දින 3ක් වරායේ තිබුණොත් රු. 50,000 සිට ලක්ෂය දක්වා අමතර මුදලක් ගෙවිය යුතුයි
ආණ්ඩුවට පාඩුවක් නෑ: සියලු බදු අයකරගෙන
තවත් බහලුම් 600 ක් හිරවෙලා
සියලු වියදම් ආනයනකරුවන්ගෙන්
යොහාන් භාසුර
ප්‍රමාද වූ බහලුම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධාන ආනයනකරුවෝ පවසති.
මෙම බහලුම් අතර අත්‍යවශ්‍ය ආහාර සහ භණ්ඩ ඇතුළත් බහලුම්වලට අමතරව වෙනත් නිෂ්පාදන කර්මාන්තවලට අමුද්‍රව්‍ය රැගත් බහලුම් ඇතුළු විවිධ භාණ්ඩ ඇතුළත් බහලුම් ඇති බවත් එම සියලුම ආනයකරුවන්ට ප්‍රමාද හේතුවෙන් අවම වශයෙන් රුපියල් ලක්‍ෂයකට අධික අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවත් ආනයනකරුවෝ පැවසූහ.
ආනයනික බහලුම් නිෂ්කාශනය ප්‍රමාද වීමෙන් ආනයනකරුවන්ට බහලුම් නිදහස් කරගැනීමට අමතරව විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ ආනයනකරුන්ට එම අමතර මුදල භාණ්ඩවල මිලට ඇතුළත් කිරීමට සිදුවනු ඇති බවත් ආනයනකරුවෝ පැවසූහ.
මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමේ වැඩි ඉඩක් ඇති බව පවසන ආනයනකරුවෝ, එම බර පාරිභෝගික ජනතාවට දැරීමට සිදුවනු ඇති බව ද සඳහන් කළහ.
ආනයනික බහලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් වැඩි ප්‍රවාහන ගාස්තු, වරායට ප්‍රමාද ගාස්තු සහ අමතර සේවක වියදම් ඇතුළු වියදම් රැසක් දැරීමට ආනයනකරුවන්ට සිදුව ඇති බවත් අතැම් ආනයකරුවන්ගේ වියදම රුපියල් ලක්‍ෂ දෙක තුනක් බවට ද පත්වි හැකි බවත් ඔවුහු පැවසූහ.
බහලුම් නිදහස් කිරීම ප්‍රමාදවීම ආනයකරුගේ දුර්වලතාවක් හෝ අතපසුවීමක් නොවුණ ද වරාය අධිකාරියට ප්‍රමාද ගාස්තු ගෙවීමටත් සිදුව ඇති බව කී ආනයනකරුවෝ මෙම තත්වයට ආණ්ඩුව මැදිහත්විය යුතු බව ද සඳහන් කළහ.
ශ්‍රී ලංකා කාර්ය උපාංග, ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය හෙවත් ස්ලාෆ්ෆා’ සභාපති චන්න ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ඇතැම් බහලුම් ප්‍රවාහන රථ වරාය තුළ පෝලීමේ මේ වන විට දින තුනකට වඩා ගත කරන බවත් රථයක් දින තුනක් එම ස්ථානයේ තිබුණොත් ආනයනකරුගෙන් රුපියල් 50,000 සිට ලක්‍ෂයක් දක්වා අමතර මුදලක් අයකරන බවත්ය.
බහලුම් ප්‍රවාහ රථය දින තුනකට වැඩි කාලයක් වරාය තුළ තිබුණ හොත් එම මිල ඊට වඩා වැඩි වන බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙම තත්වයෙන් රජයට සිදුවූ පාඩුව පිළිබඳව කළ විමසුමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ, මෙම ප්‍රමාදයෙන් රජයට කිසිඳු පාඩුවක් වී නොමැති බවත්, සියලුම බදු අයකරගැනීමෙන් පසුව බහලුම් නිදහස් කරන බවත්ය.
මෙහිදී සියලුම අයකිරීම් ආනයනකරු දැරිය යුතු බවත් තවත් බහලුම් 600 ක පමණ නිදහස් කිරීමට තිබෙන බවත් අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අර්බුද හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකා හැරී ගොස් ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බහලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය: ආනයනකරුවන්ට කෝටි 10ක අමතර වැය බරක්