මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට වත්තල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී පිරිසුදු කිරීමේ නිෂ්පාදන සහ රසායනික ද්‍රව්‍ය තොඟ සහ සිල්ලර වෙළෙඳාමේ නියුතු SUN Chemicals Marketing වෙළෙඳ ආයතනයට ගොඩවැදුනු අවස්ථාවේ එම වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික සුන්දරලිංගම් ප්‍රවීන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස්වල අඩු වැඩිවීමක් කියන්න බැහැ. ගිය වසර හා සමාන බිස්නස් එකක් තමයි තියෙන්නේ. මේ දිනවල ගත්තහම බිස්නස් සාමාන්‍ය මට්ටමකට තියෙනවා.
Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
පිරිසුදු කිරීමේ නිෂ්පාදන සහ රසායනික ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳාම තමයි කරන්නේ. ව්‍යාපාරයට අවශ්‍ය කරන නිෂ්පාදන දේශීය නිෂ්පාදනකරුවන්ගෙන් සහ තොඟ වෙළෙන්දන්ගෙන් මිලදී ගෙන තමයි මේ වෙළෙඳාම කරන්නේ. අපි මිලදී ගන්න මුදලත් එක්ක ලොකු ලාබයක් තබාගෙන සේදුම්කාරකවල මිල නම් කරලා නැහැ. එහෙම වුණොත් මිලදී ගන්න එන පාරිභෝගිකයන්ගේ අඩුවක් නිර්මාණය වෙනවා. පාරිභෝගිකයාගේ අතේ මුදල් නොමැතිවීම කියන කාරණය මේ බිස්නස් අඩුවෙන්න එක් හේතුවක්.
කොරෝනාවලින් පස්සේ සේදුම්කාරකවල මිලේ වැඩිවීමක් වුණා. ඒත් එක්ක පාරිභෝගිකයාට ඒ වැඩිවුණු මුදල දරන්න බැරිවීම නිසා තමයි බිස්නස් අඩුවෙන්න පටන් ගත්තේ. යම් මට්ටමකට හෝ මේ වෙළෙඳාම පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා පාරිභෝගිකයාට දරන්න පුළුවන් ප්‍රමාණයට මිල ගණන් නියම කරලා තියෙන්නේ.
බොහෝ පාරිභෝගකයෝ සේදුම්කාරකවල ගුණාත්මකභාවයට වඩා එහි මිල සම්බන්ධයෙන් තමයි සැලකිලිමත් වන්නේ. වෙනත් භාණ්ඩයක් මිලදී ගන්නවා වගේ නෙමෙයි මෙවැනි සේදුම් ද්‍රාවණ සහ රසායනික ද්‍රව්‍ය මිලදී ගන්නවා කියන්නේ. මෙවැනි නිෂ්පාදන මිලදී ගැනීමේ දී මිලට වඩා හිතන් ඕනේ එහි අන්තර්ගතය පාරිභෝගිකයාට බලපාන්නේ කොහොමද කියලා. පාරිභෝගිකයෝ විදිහට නිසි දැනුවත්භාවයක් නොමැතිව ලාබයම පමණක් පදනම් කරගෙන අඩුම තැනින් භාණ්ඩයක් මිලදී ගැනීමට පුරුදුව ඉන්නවා සහ භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයාට අවස්ථා නිර්මාණය වී තිබීම තවත් පසෙකින් බිස්නස් අඩුවෙන්න හේතුවක්.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමකට - වත්තල SUN Chemicals Marketing වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික සුන්දරලිංගම් ප්‍රවීන්