|
මිනිසුන්ට අද ලැබෙන පඩිය මදි කාලා බීලා ඉන්න. පිට පළාත්වලින් වෙළෙන්දෝ පාරිභෝගිකයෝ ආවොත් තමයි අපිට බිස්නස් කරන්න පුළුවන්. දැන් ඉස්සරට වඩා තරගය වැඩි වෙලා. දැන් ඉස්සර වගේ පිට පළාත්වලින් වෙළෙන්දෝ එන්නේ නැහැ.
|
එස්. පී. ගනේෂන් ටයර් ව්‍යාපාර ස්ථානය පටන්ගෙන වසර 20ක පමණ කාලයක් ගත වී තිබේ. මෙහි ආරම්භක නිර්මාතෘවරයා ගනේෂන් මහතාගේ මාමාය. ඔහුගේ ඇවෑමෙන් මෙම ව්‍යාපාර ස්ථානය මොහුට පැවරී තිබේ. ටයර් ඇතුළු රබර් නිෂ්පාදන රාශියක් මෙම වෙළෙඳසලේ දක්නට ලැබේ. අතීතයේදී රබර් ආශ්‍රිත නිෂ්පාදන රටින් ආනයනය කළත්, වර්තමානයේ දේශීයත්වයට මුල් තැන දෙමින් ලංකාවේ නිෂ්පාදන අලෙවි කිරීමට ප්‍රමුඛත්වය දී ඇත. මේ දවස්වල බිස්නස් කෙසේදැයි සොයා යන ගමනේ ගනේෂන් මහතා අපට හමු වූයේ කොළඹ ගල්වළ මැසෙන්ජර් වීදියේදීය.
Q : මේ දවස්වල බිස්නස් කොහොම ද?
“මේ දවස්වල බිස්නස් ගත්තොත් අන්තිමයි. සේවකයන් නඩත්තු කරගෙන බිස්නස් එක පවත්වාගෙන යන්න අමාරු තත්වයක් තියෙන්නේ. ඉස්සර මෙහෙම නොවෙයි. සේවකයෝ ගොඩක් තියාගෙන මං ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ. චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය හිටපු කාලේ වගේම මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේත් මුල් කාලේ හොඳට බිස්නස් තිබුණා. එතැනින් පස්සේ අපේ බිස්නස් එන්න එන්න වැටුණා. කොරෝනාවලින් පස්සේ ව්‍යාපාරිකයෝ විදිහට අපි හිටපු තැනිනුත් පහළට වැටුණා.”
Q: බිස්නස් අඩු වෙන්න බලපාපු හේතුව කුමක් ද?
“අපි දැන් විකුණන්නේ දේශීය නිෂ්පාදන විතරයි. රටින් ගෙන්වන්නේ නැති නිසා අපේ ව්‍යාපාර සියල්ලම වාගේ වැටුණා. ඉස්සර රටින් ගෙන්නන කාලෙත් බිස්නස් හොඳට තිබුණා. මං හිතන්නේ දැන් ජනතාව අතේ සල්ලි නැති නිසා තමයි බිස්නස් අඩු වීමට හේතුව.
මිනිසුන්ට අද ලැබෙන පඩිය මදි කාලා බීලා ඉන්න. පිට පළාත්වලින් වෙළෙන්දෝ පාරිභෝගිකයෝ ආවොත් තමයි අපිට බිස්නස් කරන්න පුළුවන්. දැන් ඉස්සරට වඩා තරගකාරිත්වය වැඩි වෙලා. දැන් ඉස්සර වගේ පිට පළාත්වලින් වෙළෙන්දෝ එන්නේ නැහැ.
ඒ අයට අද කොළඹ ඇවිල්ලා බඩු ගෙනියන එක පාඩුයි කියලා හිතනවා ඇති. මටම වෙන් වෙච්ච පාරිභෝගිකයෝ වගේම නිෂ්පාදන ලබා දෙන පිරිසකුත් සිටිනවා. ඒ අයත් එක්ක තමයි අපි මේ ගමන එන්නේ.”
අමිල චින්තක ගමගේ
ඡායාරූප:
ලහිරු හර්ෂණ
2025 නොවැම්බර් මස 04
170
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2059
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිස්නස් ගෙනියන්නේ හරිම අමාරුවෙන් - කොළඹ මැසෙන්ජර් වීදියේ ටයර් ව්‍යාපාරික එස්. පී. ගනේෂන්