භානුක අමරසිංහ.
|
කමන්ත අමරසේකර |
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ කොටස් ලක්ෂ 30ක් සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය වෙත පරිත්‍යාග කිරීමක් සිදුව තිබේ.
එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන කමන්ත අමරසේකර මහතා විසින් මෙම කොටස් පරිත්‍යාගය කර තිබේ. පෙරේදා (15) දිනයේදී මෙම කොටස් ප්‍රදානය සිදු කෙරී ඇතැයි එම සමාගම ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.
එහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගමේ එක් කොටසක වටිනාකම රුපියල් 8.20 ක් ලෙස ගණන් බලා මෙම පරිත්‍යාගය සිදුකර ඇති අතර, මෙම පරිත්‍යාගය මුළු වටිනාකම රුපියල් දෙකෝටි හතළිස් හය ලක්ෂයක් ලෙස සඳහන්ව තිබේ.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමන්ත අමරසේකර මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය වෙත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි කොටස් පරිත්‍යාග කර ඇත.
එහි ආසන්නතම අවස්ථාව ලෙස 2024 ජූනි 12 දින ඔහු විසින් කොටස් මිලියන 5 ක් පරිත්‍යාග කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 31කි. එසේම 2023 ඔක්තෝබර් 25 දා තවත් කොටස් මිලියන 4 ක් පිරිනමා තිබේ. එහි වටිනාම රුපියල් මිලියන 20.8 කි.
මීට අමතරව තවත් අවස්ථා කිහිපයකදීම කමන්ත අමරසේකර මහතා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස් මෙලෙස විවිධ ආයතන වෙත පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි.
2021 සැප්තැම්බර් 28 වැනිදා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස් මිලියන 5 ක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පුණ්‍යායාතනයක් වන හෙල්පේජ් ශ්‍රී ලංකා වෙත පරිත්‍යාග කර තිබේ. එසේම 2022 මාර්තු 03 දිනයේ දී කොටස් මිලියන 10 ක් ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කිරීමට ද ඔහු කටයුතු කළේය. මීට අමතරව 2023 සැප්තැම්බර් 21 දිනයේදී ද ළමා හා තරුණ සුබසාධන ජාතික කවුන්සිලය වෙත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් 973,104 ක් ඔහු විසින් පරිත්‍යාග කර තිබුණි.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන කමන්ත අමරසේකර මහතා 2020 දෙසැම්බර් 22 දින එම සමාගමේ කොටස් මිලියන 750 ක් මිලදී ගනු ලැබීය. ඒ එක් කොටසක් රු. 4.00 බැගිනි. ඒ අනුව ඔහු රු. බිලියන 3 ක් එම කොටස් මිල දී ගැනීම වෙනුවෙන් ආයෝජනය කර තිබුණි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් ලක්ෂ 30ක් ජ’පුර විශ්වවිද්‍යාලයේ සමිතියකට