ශ්රී ලංකාවේ වඩාත් ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින් 2025 වසරේ ජනතාවගේ හොඳම ළදරු සත්කාරක සන්නාමය ලෙසSLIM Kantar People සම්මාන උළෙලේ දී ගෞරව සම්මානයට පාත්‍ර විය. වසර 60කට වැඩි කාලයක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ළදරුවන් ආදරයෙන්, විශ්වාසයෙන් මෙන්ම පරිස්සමෙන් රැක බලා ගැනීමට අවශ්‍ය සුරක්ෂිත නිෂ්පාදන, නිෂ්පාදනය කළ බේබි ෂෙරමි, සිය ගමන්මගෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් මෙම ජයග්‍රහණයෙන් සනිටුහන් කරයි.
Kantar විසින් ශ්‍රී ලාංකේය ගෘහයන් පදනම් කර ගනිමින් පැවැත් වූ ස්වාධීන සමීක්ෂණ මාලාවක් ඔස්සේ සියලුම ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදු කර තිබේ. හොඳම ළදරු සත්කාර සන්නාමය” සම්මාන කාණ්ඩය SLIM ආයතනය විසින් 2025 වසරේ සම්මාන උළෙල ප්‍රථමවරට ඇතුළත් කරන ලද්දක් වන අතර, මෙම සම්මානය ප්‍රථමයෙන්ම ලබා ගත් ළදරු සත්කාරක සන්නාමය බේබි ෂෙරමි වීම සන්නාමය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම වසරේ සම්මානය “Heart Share” යන තේමාව පෙරදැරි කර ගත් අතර පරම්පරා ගණනාවක් ශ්‍රී ලංකාවේ පවුල්වලට ආදරයේ සත්කාරය රැගෙන පැමිණි බේබි ෂෙරමි සන්නාමය සමග එය මනාව සහසම්බන්ධ වෙයි.
Hemas Consumer Brands හි කළමනාකරණ අධ්‍යක්ෂිකා සබි්‍රනා එසුෆලි මහත්මිය මෙසේ පැවසුවාය. “SLIM Kantar People’s Choice Awards 2025 2025 හි දී බේබි ෂෙරමි සන්නාමය, ජනතා ගෞරවාදරයට පාත්‍ර වීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා. බේබි ෂෙරමි සහ ශ්‍රී ලංකාවේ පවුල් සමග ඇති සමීප බැඳීමත්, සන්නාමය ශ්‍රී ලංකාව තුළ ගැඹුරින් මුල් බැස ගත් සත්කාරයේ උරුමයත් මෙම සම්මානයෙන් සමරනු ලබනවා. මෙම ගෞරවනීය සම්මානයෙන් අප පිදුම් ලැබීම මගින් ආදරයේ සහ රැකවරණයේ සුසිනිඳු ස්පර්ෂයෙන් ශ්‍රී ලාංකේය ළදරුවන්ව සුරක්ෂිත කර ඔවුන්ට හොඳම දේ ලබා දීම වෙනුවෙන් නවෝත්පාදන කිරීමට අපව දිරි ගන්වනවා.
Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා මෙසේ පැවසීය. “ජනතාව විසින් තෝරා ගනිමින් ජනතාවගේ මනාපය මතින් දිනා ගත් මෙම සම්මානයෙන්, ගෘහස්ථ සන්නාමයක් ලෙස බේබි ෂෙරමි දිනා ඇති ස්ථාවරත්වයත්, ජාතියේ ආදරය දිනා ගත් ළදරු සත්කාරය සන්නාමය ලෙස අප මත තබා ඇති විශ්වාසයත් තවදුරටත් තහවුරු වෙනවා. බේබි ෂෙරමි වෙත හදවතින්ම ආදරය කරන සහ අපේ සන්නාමය සෑම නිවසකටම රැගෙන යන සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපි හදවතින්ම ස්තූතිවන්ත වෙමින් බේබි ෂෙරමි ලබා ගත් මේ ආදරණීය ජයග්‍රහණය ඔවුනට පුද කරනවා. එසේම බේබි ෂෙරමි පවුලේ සියලු දෙනාගේම ගෞරවනීය ආදරය සියලු ශ්‍රී ලාංකිකයන්ට පිළිගන්වනවා.
“දරු පැටියාට සුරක්ෂිත ලොවක්‘ යන සන්නාමයේ නොවෙනස් අරමුණ, ළදරු සත්කාර කාණ්ඩය තුළ වසර ගණනාවක් පුරා වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස ජනතා ප්‍රසාදය සහතික කර ගැනීමට බේබි ෂෙරමි වෙත හැකියාව ලැබීමේ සාධක අතර ප්‍රධානතම සාධකය වේ.
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බේබි ෂෙරමි සන්නාමයට People’s Choice Awards 2025 සම්මානය