නිමල කොඩිතුවක්කු
බන්ධනාගාර දෙපාර්ත-මේන්තුවට ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2025/26 වර්ෂයට අදාළව බන්ධනාගාර ආයතන 31 ක් සඳහා ආහාර කාණ්ඩ 11ක් යටතේ ආහාර ද්‍රව්‍ය සපයා ගැනීම පිණිස සැපයුම්කරුවන් තෝරා ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලංසු කැඳවා ඇත.
ඒ අනුව ලැබී ඇති ලංසු 945ක් ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, 2025/26 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ආහාර ද්‍රව්‍ය සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තු රුපියල් මිලියන 4,317 ක් වන මුළු මුදලකට, තෝරා ගනු ලැබ ඇති සැපයුම්කරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
581
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
499
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
424
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බන්ධනාගාරට ආහාර ද්‍රව්‍ය සැපයීමට රුපියල් මි.4,317 ක කොන්ත්‍රාත්තුවක්