(නිශාන්ත කුමාර)
ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ අයුරින් වියලුව, මහියංගණය, බදුල්ල හා ඒ අවට ප්‍රදේශයන්හි පුවක් මිල ඉහළ ගොස් ඇති අතර මේ වන විට පුවක් ගෙඩි තුනක් රුපියල් 100 අලෙවි වන බව ජනතාව පවසති.
ඒ අනුව සති කිපයකට පෙර රුපියල් 30 ක ට අලෙවිවූ බුලත් විටක මිලද රුපියල් 50-75 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසති .
මීට මාස දෙකකට පමණ පෙර රුපියල් 2-5 ත් පහත් අතර පැවති පුවක් ගෙඩියක මිල සති කීපයක දී රුපියල් විස්සක් දක්වා ඉහළ ගිය අතර මේ වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 35 කි.
මෙම ප්‍රදේශයන්හි බහුතරයක් දෙනා හේන් සහ කුඹුරු වගාවෙන් ජීවත් වන අතර ඔවුහු බහුතරයයක් දෙනා විට පරිභෝජනය කරති. මෙම තත්වය යටතේ තම කුඹුරු යාය හා හේන් වල කුලී වැඩ සඳහා පැමිණෙන ජනතාවට නිරන්තරයෙන් විට සැපයීමට සිදු වන අතර තමුන්ට ඒ සඳහා විශාල අමතර මුදලක් යෙදවීමට සිදුව ඇතැයි ද ජනතාව පෙන්වා දෙති.
මේ අයුරින් පුවක් මිල ඉහළ යෑමට නිශ්චිත හේතුවක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බදුල්ලේ පුවක් ගෙඩියක් 35 යි
Kapila kumara Friday, 12 March 2021 02:11 PM
පුවක් දෙන්නම් රුපියල් 10න් ...
G .r.indika Saturday, 19 November 2022 02:11 PM
පුවක් ගෙඩියක් කීයටද ගන්නේ..?