IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බඩල්කුඹුරේ ප්‍රථම බැංකු නොවන මූල්‍ය ආයතනය LOLC ෆිනෑන්ස්



  • හක්මන ශාඛාවත් නව ස්ථානයකට

LOLC ෆිනෑන්ස් සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින් බඩල්කුඹුරේ නව ශාඛාවක් විවෘත කළ අතර, සිය හක්මණ ශාඛාවද නව ස්ථානයකට රැගෙන යනු ලැබීය. ඒ සමගම දිවයින පුරා විහිදුනු LOLC ෆිනෑන්ස් ශක්තිමත් ශාඛා ජාලය 200 ඉක්මවයි. මෙම ව්‍යාප්ත කිරීමෙන්, විශේෂයෙන් අඩු මූල්‍ය සාක්ෂරතාවක්, විධිමත් මූල්‍ය ආයතන සඳහා සීමිත ප්‍රවේශයක් මෙන්ම පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට සාර්ථකත්වය ලැබීම සඳහා මග පෙන්වීමක්, අවශ්‍ය කලාපවලට ඉහළ මූල්‍ය සේවා ප්‍රවේශයක් ලබාදීම සඳහාවූ සමාගමේ කැපවීම පිළිබිඹු කරයි.

විවෘත කිරීමේ උත්සවය LOLC ෆිනෑන්ස් සභාපති කොන්රඩ් ඩයස්, LOLC ෆිනෑන්ස් අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න, LOLC ෆිනෑන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොන්ටිනි වර්ණකුල සහ LOLC ෆිනෑන්ස් ශාඛා ජාලයේ ප්‍රධානී ප්‍රසන්න කරඳගොල්ල යන මහත්වරුන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ අදාළ ශාඛා කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 

මෙම නව ශාඛා, ආර්ථිකමය හැකියාව මෙතෙක් භාවිතයට නොගත් ප්‍රදේශවල උපක්‍රමීය ලෙස ස්ථානගත කර තිබේ. මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි බඩල්කුඹුර, එහි කදිම දේශගුණික තත්වයන්ගෙන් පෝෂණය ලබන සරුසාර වගා සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. කෙසේ වෙතත් මේ තරම් කෘෂිකාර්මික ශක්තීමත්භාවයක් තිබියදීත්, එහි මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය දුර්වල මට්ටමක පවතී. මෙනිසා එහි ව්‍යාපාරික ප්‍රජාව සහ පුද්ගලයන්ට ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණයට සහ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා සීමාවේ.

මාතර දිස්ත්‍රික්කයේ පිහිටි හක්මන, වර්ධනය වන සජීවී ආර්ථික ක්‍රියාකාරකම් සහිත දර්ශනීය නගරයකි. LOLC ෆිනෑන්ස් පැමිණීමත් සමඟ මූල්‍ය ප්‍රවේශය සඳහා මෙම ප්‍රදේශවල දිගුකාලීනව පැවති අඩුපාඩුව සපුරාලන අතර, අත්‍යවශ්‍ය මූල්‍ය සේවා සහ විසඳුම් ඒවා වඩාත් අවශ්‍ය පුද්ගලයන්ට සමීප කරයි.

සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ LOLC ෆිනෑන්ස් සභාපති කොන්රඩ් ඩයස් මහතා මෙසේ පැවසීය. ”‍මෙම නව ශාඛා විවෘත කිරීම අපගේ පියසටහන් පුළුල් කිරීමක් පමණක් නොවන අතර, ඓතිහාසිකවම අඩු සේවා හිමිවූ ප්‍රජාවට සැබෑ ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා වේ. මූල්‍ය දැනුම සහ මූල්‍ය විසඳුම් සඳහා නිසි ප්‍රවේශයන් සීමා වී ඇති ප්‍රදේශවල, පුද්ගලයන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු පොදුවේ සියලු‍ ව්‍යවසායකයන්ගේ මූල්‍ය කළමනාකරණය සහ වර්ධනය උදෙසා නිසි මෙවලම් ලබාදී ඔවුන් සවිබලගැන්වීම ගැන්වීම සඳහා අපි ඉදිරිපත්වී සිටිමු. අපගේ බඩල්කුඹුර ශාඛාව විවෘත කිරීම මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ, මෙම ප්‍රදේශයේ ජනතාව තවදුරටත් නොසැලකිල්ලට ලක් නොවන බව සහතික කරමින්, එහි ස්ථාපිත කළ පළමු බැංකු නොවන මූල්‍ය ආයතනය LOLC ෆිනෑන්ස් වන බැවිනි. දැන් ශ්‍රී ලංකාව පුරා ශාඛා 200 කට වැඩි සංඛ්‍යාවක් සමඟින් LOLC ෆිනෑන්ස්, වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් සැකසු මූල්‍ය විසඳුම් සපයමින් සියලුම ශ්‍රී ලාංකිකයන් හොඳින් සම්බන්ධිත මූල්‍ය පද්ධතියකට ඒකාබද්ධ කිරීමේ සිය අචල මෙහෙවරේ තවදුරටත් නිරතව සිටී. අපි හුදෙක් සේවා සපයන්නන් පමණක් නොවේ. අප මූල්‍ය සහකරුවන්ද වන අතර, අප ගනුදෙනුකරුවන්ගේ සෑම පියවරකදීම ඔවුන්ට මනාපවීමට සහ මඟ පෙන්වීමට සැදී පැහැදී සිටිමු.”‍ 

හක්මණ, බෙලිඅත්ත පාරේ අංක 82 දරන ස්ථානයේ සහ පස්සර - මොණරාගල පාරේ බඩල්කුඹුරේ පිහිටි මෙම ශාඛා මඟින් ඉතුරුම් සහ තැන්පතු, ලීසිං, ණය, ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම්, රන් ණය සහ විකල්ප මූල්‍ය විසඳුම් ඇතුළු පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි. LOLC ෆිනෑන්ස් මෙලෙස අඛණ්ඩව ව්‍යාප්ත වීම සමඟින් සේවය සලසන සියලු‍ ප්‍රජාවන්හි මූල්‍යමය ස්වාධීනත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කරමින් ආර්ථික වර්ධනය දිරිගැන්වීමේ පුරෝගාමියකු ලෙස සිය කාර්යභාරය යළි තහවුරු කරයි. 

 



අදහස් (0)

බඩල්කුඹුරේ ප්‍රථම බැංකු නොවන මූල්‍ය ආයතනය LOLC ෆිනෑන්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site