IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බැටරි ආනයන බදු ඉහළයි: සූර්ය බලශක්තිය මිලදී ගැනීමට වසර 20ක ගිවිසුමක් අවශ්‍යයි

විමුක්ති එස් රුද්‍රිගු


සූර්ය බලශක්තිය සඳහා වන බැටරි සඳහා ආනයනය කරන අවස්ථාවේදී සියයට 46 ක බද්දක් පැනවෙන බැවින් අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඒවා මිල අධික බව පුනර්ජනනීය බලශක්ති පාර්ශ්වකරුවෝ පවසති.
බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල් පද්ධති මගින් උත්පාදනය කර රාත්‍රී 6.30 ත් 10.30 ත් අතර ජාතික විදුලිබල පද්ධතියට මුදා හරින විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 45.80 දක්වා ඉහළ දමන බව ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය.
එහෙත් ඒකකයට ලැබෙන මිල ඉහළ දැමුවත් බැටරි සඳහා වැයකිරීමට සිදුවන ප්‍රාග්ධන වියදම කෘතිමව ඉහළ දමා ඇතැයි පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය ප්‍රකාශ කළේය. බැටරියක් ආනයනය කිරීමේදී ගෙවීමට සිදුවන එකතු කළ අගය මත බද්ද නැවත ලබා ගැනීමට හැකියාවක් නොමැති බවද එම සම්මේලනය පෙන්වා දුන්නේය.
එවන් පසුබිම බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල් පද්ධති සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ලබා දෙන්නේ වසර 10 ක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවත් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය ප්‍රකාශ කළේය. බැටරියකට දැරීමට සිදුවන ඉහළ ප්‍රාග්ධන වියදම සලකා බැලීමේදී අවම වශයෙන් වසර 20ක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් ලබාදිය යුතු බවද පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය පැවැසුවේය.



අදහස් (1)

බැටරි ආනයන බදු ඉහළයි: සූර්ය බලශක්තිය මිලදී ගැනීමට වසර 20ක ගිවිසුමක් අවශ්‍යයි

de silva Monday, 30 June 2025 11:57 PM

ඔය බැටරි වලට ගහන තීරුබද්ද 10% පමණ වනතෙක් අඩු කළා කියලා රටට පාඩුවක් නැහැ. මේ බැටරි තිබෙනවා කියන්නේ විදුලිය නිෂ්පාදනය කරන්න තෙල් ගෙන්වන්න යන වියදමෙන් විශාල ප්‍රමාණයක් ඉතිරිවෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site