ශී‍්‍ර ලංකාව හා ඇති කරගෙන තිබෙන එකඟතාවක් අනුව ටොන් 50000 ක සහල් තොගයක් මෙරටට අපනයනය කිරීමට බංගලිදේශය සූදානමින් සිටී.
රටෙහි ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් වෙනත් රටවල් වලට සහල් අපනයනය කිරීම තහනම් කර ඇතත් බංගලිදේශ රජය ශී‍්‍රලංකා රජයේ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇත.
නියඟයෙන් අස්වනු හානි වීම නිසාවෙන් මෙසේ බංගලාදේශයෙන් සහල් ආනයන කරවා වෙළදපොලේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම රජයේ අරමුණ වී ඇත.
බංගලාදේශය මුලින් සහල් ටොන් එකක් ඩොලර් 493 (රුපියල් 64410.43) කට මිල කර තිබුණද පසුව ශී‍්‍රලංකාව යෝජනා කර තිබූ ටොන් එකකට ඩොලර් 450 (රුපියල් 58792.48) ක මිලට සහල් ලබා දීමට තීරණය කර තිබේ.
කෙසේවුවත් තවමත් ශී‍්‍රලංකා රජය මිල සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව සදහන්ය.
නිවේදනය ලැබුණු විගස සහල් අපනයනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව බංගලාදේශ බළධාරීන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සහල් අතර වැඩිම අර්සනික් තිබෙන්නේ බංගලාදේශ සහල් වලයි . එහි භූගත ජලයේ අසනික් ඇත.(හේ)
මේවල ආසනික් වැඩිද අඩුද අපේ ඒවාට වඩා? මංඤොක්කා බතල වගේ දේ වවන්න අනුබල දුන්නා නම් නිලධාරින්ටත්, මිනිස්සුන්ගේ සෞඛ්‍යටත් හොඳයි. රටටත් හොඳයි. ඇමති කෙනෙක් නැද්ද මෙච්චර ඉන්න එකේ (නදී)
"මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා. අපේ රට ගැන හරිම දුකයි" ඔය දැනීමේ හැටි තමා. සාරවත් පොළවක් තිබුන පලියට හාල් ලැබෙන්නේ නැහැ (නදී)
තව ටික දවසකින් මොනා ගෙනෙයිද දන්නේ නෑ.(හේ)
ලංකාවට වෙච්ච දෙයක්.(හේ)
මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා. අපේ රට ගැන හරිම දුකයි (හේ)
හාල් ගෙනවා වගේ නෙමෙයි ගණන් වැඩි වෙන කොට.(හේ)
"මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා. අපේ රට ගැන හරිම දුකයි" ඔය දැනීමේ හැටි තමා සාරවත් පොළවක් තිබුන පලියට හාල් ලැබෙන්නේ නැත (නදී)
කොමිස්, කොමිස්, කොමිස් මහත්තරුන්ට ලොකු, ලොකු සවාරිත් ඇති. (නදී)
අපි දැන් ලංකාවේ හාල් ගන්නේ 90ට. බංගලි හාල් 65ට කෑවත් මොකෝ ඉතින්? (නි)
හාල්පොරවල් රට පාලනය කරනකොට ඔහොම වෙනවා.අාහාර නිවාස ඇඳුම් මිනිසාගේ මූලික අවශ්‍යතාවල් බව මොන්ටිසෝරි ළමයත් දන්නවා. ඔය ටික රටේ හදාගන්න බැරි හැටි?(අ)
රටේ මෙච්චර කුඹුරු තියෙද්දී වැවි තියෙද්දී කන හාල් ටික හදාගන්න බැරි හැටි නේද? (නදී)
ලංකාවේ තියෙන වැව් ටික හාරලා ගොවීන්ට සාධාරණ මිලකට වී ටික ගත්තා නම් හරි (නදී)
මේවල ආසනික් වැඩිද අඩුද අපේ ඒවාට වඩා? මංඥොක්කා බතල වගේ දේ වවන්න අනුබල දුන්නා නම් නිලධාරින්, මිනිස්සුන්ගේ සෞඛයටත් හොඳයි. රටටත් හොඳයි. ඇමති කෙනෙක් නැද්ද මෙච්චර ඉන්න එකේ ? (නදී)
ලැජ්ජා වෙන්න ඕනේ කාරණයක්.(හේ)
මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා කියන්නේ ලැජ්ජා වෙන්න ඕනේ කාරණයක්.(හේ)
මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා කියන්නේ අපි ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)
මේවාට ලැජ්ජා වෙන්න ඕනෑ. අහෝ! ඇයි අපේ රටේ ගොවියන් නැතුවාටද? (නි)
පාලකයන්ට දෙයියන්ගේ හාල් කැවිලා. (නදී)
මේ ලගදී රටකට ඩොනේසන් විදියටත් අපි දුන්න වගේ මතකයි (නදී)
එතකොට මේ ගෙන්වන හාල් කෘමිනාශක යොදලා හදපුවා කෑමට සුදුසුද කියල දෙන සහතිකේ මොකක්ද ? බංගලිදේශය වැඩිපුරම කෘමිනාශක බාවිතා කරන රටක්. ප්‍රමිතිය ගැන රජයේ වගකීමක් තියෙන්න ඕනා (නදී)
එතකොට මේ ගෙන්වන හාල්වල කෘමි නාශක යොදල හදපුවාද, කෑමට සුදුසුද කියල දෙන සහතිකේ මොකක්ද ? බංගලිදේසේ වැඩිපුරම කෘමිනාශක බාවිතා කරන රටක් ප්‍රමිතිය ගැන රජයේ වගකීමක් තියෙන්න ඕනි. (නදී)
අපිට වෙනත් රටකින් ගන්නේ නැතිව අපේම දේවල් ගන්න පුළුවන් ක්‍රම තියනවා. එ්ත් ඒ ගැන හිතන්නේ නැති එක තමයි ප්‍රශ්ණය (නදී)
මාත් එක්ක ඉන්න බංගලාදේශ යාලුවෝ කිවුවා එයාලගේ රටේ පළතුරු වලට ෆෝමලීන් දානවා කියලා. හාල් වලට මොනවා දානවද දන්නේ නැහැ. (නි)
අපි කොමද දන්නේ කෑමට සුදුසුද නැද්ද කියල බන්ග්ලින්ව සත පහකට විස්වාස කරන්න බැහැ. (ර)
පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ අඹන්ගඟ පැත්තට වෙන්න වතුර පුරවන්නේ නැහැ මොකද කියල බලන්න ඒ හරියේ තමයි ආණ්ඩුවේ ලොක්කකුගේ ඥාතියකුගේ මල්වතු තියෙන්නේ ඒවාට වතුර පිරෙන නිසා වතුර 100% පුරවන්නේ නැහැ ඕනෑම නම් ඒ පැත්තට ගිහින් බලන්න නැත්නම් ගොවියන් ගෙන් අහන්න මේවා පල කරන්න බැරුව ඇති නමුත් මේවා තමයි තිත්ත ඇත්ත. මේවා නැහැ කියල කාටවත් කියන්න බැහැ. (අ)
මොකද දන්නෙ නැහැ අපිට විතරක් අමුතු කරුණාවක්! (නි)
මේ වැඩෙන් ලංකාවේ ගොවියන්ට අසාධාරණයක් වෙන්න පුලුවන් නේද? (නි)
එතකොට හාල් කිලෝ එකක් 58.79 ක් වෙනවා. නැව් ගාස්තු එක්ක කීයක් වෙයිද. ලංකාවේ තියෙන වී ටිකට හොඳ මිලක් දීල වෙනත් විකල්ප ආහාර වලට සහන මිලක් නියම කරන එක හොඳ නැද්ද? මොකද ටොන් 50000 ක් ගේන්න රුපියල් බිලියන 2.9ක් ඕන වෙනවා. නැව් ගාස්තු වලට අමතරව. (නදී)
පිටරටින් ගෙනාවේ නැත්තං මගේ කොමිස් එක ගන්නේ කොහොමද ? (ස)
කාටද ආඩම්බර? අපිට කන්න දෙන උතුමන්ලාට ජය වේවා!(අ)
කමක් නැහැ යුද්දේ දින්නනේ ඒ මදිද. කොමිස් ගත්තට මොකෝ ඇමති තුමාට (නදී)
මෙහෙමත් රටක්.(හේ)
ලංකා ඉතිහාසය දිහා බලනකොට ලංකාවෙන් හාල් පිටරටට දුන්නේ, ඒත් අද පිටරටින් හාල් ලංකාවට ගෙන්නේ.(හේ)
ඇයි ලංකාවේ හාල් නැද්ද?(හේ)
ගං වතුර, නියඟය එනවා. ඇත්ත, නමුත් පසුගිය කාලයේ ලංකාවේ සමහර ප්‍රදේශවල වී වගා කෙරුනේ නැහැ. රජය මේ ගැන සොයා බැලිය යුතුය. ගොවි නිලදාරීන් නිකම් ඉන්නවා. වෙන වැඩ කරනවා අමතර සල්ලි හොයන්න. (නදී)
ගං වතුර ,නියඟය එනවා .ඇත්ත ,නමුත් පසුගිය කාලයේ ලංකාවේ සමහර ප්‍රදේශවල වී වගා කෙරුනේ නැහැ .රජය මේ ගැන සොයා බැලිය යුතුය.(හේ)
මේවා දකින කොට ආසියාවේ ආස්චර්ය මතක් වෙනවා (නදී)
එතකොට ඇයිද දන්නැහැ පොලොන්නරුව පැත්තේ වී විකුණ ගන්න බැරුව, වී මෝල් වහලා දාලා උපකරණ පරණ යකඩ වලට විකුනන්නේ.....? (නදී)
අපේ නිෂ්පාදනයට සරිලන තරම් සහල් නිපදවන්න අපිට බැරිද? (නි)
මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා. අපේ රට ගැන හරිම දුකයි (නි)
කලබල වෙන්න එපා ළමයිනේ, ඉස්සරහට ඕවා තමයි තම්බලා ෆ්‍රයිඩ් රයිස් කරලා කෙහෙල් කොලේ ඔතලා දෙන්නේ. අර දඹදිව ඉඳලා ගෙනෙන අලුත් බස් වල අපිව දාගෙන නොමිලේ රට වටේ ගෙනියයි. (නි)
ඇයි මෙහෙම ගෙන්වන්නේ? (නි)
බන්ගලිදේශේ කියන්නේ පකිස්ථානය වගේම තමයි. මොනවා දලා ඒවාවිද දන්නේ නැහැ.(හේ)
බංගලිදේශය කියන්නේ පකිස්ථානය වගේම තමයි. මොනවා දාල ඒවිද දන්නේ නැහැ (නදී)
බොහොම හොඳයි. මෙහෙ හාල් වැඩිමිලට විකිණීමන් පොහොසත් වෙන්නේ මෝල්හිමියන්. කෙහෙන්හරි කමක්නැහැ, හාල් ගෙනල්ලා ලාබෙට දෙන්න. (නි)
මම නම් මේ වැඩේට සතුටුයි (නි)
හාල් මිල ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
බොහොම හොඳයි. බොහොම හොඳයි. හාල් ලාබවෙනවා නම් සතුටුයි. දැන් අපි නිවුඩු කිලෝ එකකට රුපියල් 90ක් ගෙවනවා. (නි)
මේවල ආසනික් වැඩිද අඩුද අපේ ඒවාට වඩා? මංඤොක්කා බතල වගේ දේ වවන්න අනුබල දුන්න නම් නිලධාරින්, මිනිස්සුන්ගේ සෞඛයටත් හොඳයි. රටටත් හොඳයි. ඇමති කෙනෙක් නැද්ද මෙච්චර ඉන්න එකේ (නදී)