විමුක්ති එස් රුද්‍රිගු
මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 226.8 ක ණය මුදලක් ලබාදී ඇති අතර, එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් විය.
පසුගිය ජූලි මාසයේදී මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 201 ක් ලෙස සඳහන් වූ අතර, ඒ අනුව මෙම වසරේ පළමු මාස අට තුළ පෞද්ගලික අංශය මෙරටට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,128 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ නමුත් පසුගිය අගෝස්තු මාසය වනවිට මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු රාජ්‍ය අංශයට ලබාදී ඇති ණය සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් තිබේ. මෙම වසරේ පළමු මාස තුනේදී මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදී තිබුණේ රුපියල් බිලියන 226 ක මුදලක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd