වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් බී.සී.සි.(බිට්‍රිෂ් සිලොන් කෝපරේෂන්) ආයතනයෙහි නිල වෙබ් අඩවිය විවෘත කීරීම වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (26) විවෘත කළේය.
1918 දී බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ මෙරට ආරම්භ කරන ලද බී.සී.සී. ආයතන පොල්තෙල්, සබන් හා විවිධ සනීපාරක්ෂක ද්‍රව්‍ය වෙළඳපොළට ඉදිරිපත් කරයි. පසුගිය රජය විසින් වසා දැමීමට තීරණය කැරැණු මේ ආයතනය නව රජයේ දින 100 වැඩ පිළිවෙල යටතේ නැවත නඟා සිටුවීමට තිරණය විය.
විශේෂ රක්ෂණ ආවරණ නිළ ඇදුම් ද සහ සේවක දු දරුවන්ට අධ්‍යාපන උපකරණ ද සේවක වරප්‍රසාද අතර වෙයි. අමාත්‍යංශ ලේකම් අනුර විජයවික්‍රම , බී.සී.සී ආයතනයේ සභාපති රාජා පුෂ්පකුමාර , ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ බිරිඳ ෂාමෙන් කිරිඇල්ල, දියණිය චමින්ද්‍රානි කිරිඇල්ල යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්තෙල් නම් නොම්මර 01යි! (නි)
ඇමති තුමාගේ දුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන ව්‍යස්ථාවෙන්ද විවෘත කිරීමේ බලය දුන්නේ (නදී)
ඇමති තුමාගේ දුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන ව්‍යස්ථාවෙන්ද විවෘත කිරීමේ බලය දුන්නේ (නදී)
කව්රු කළත් හොඳ දේවල් වලට හොඳ කියන්න ඕන.. රජය ලාබ ලබන ගමන් මිනිස්සුන්ට හොඳ නිෂ්පාදන ලබන්න පුළුවන්..තරඟයට මුහුණ දීම සහ නාස්තිය අවම කිරීම අහියෝගයක් වෙන්නේ. (බ)
කව්රු කලත් හොඳ දේවල් වලට හොඳ කියන්න ඕන.. රජය ලාබ ලබන ගමන් මිනිස්සුන්ට හොඳ නිෂ්පාදන ලබන්න පුළුවන්..තරඟයට මුහුණ දීම සහ නාස්තිය අවම කිරීම අහියෝගයක් වෙන්නේ.(නදී)
කව්රු කලත් හොඳ දේවල් වලට හොඳ කියන්න ඕන. රජය ලාබ ලබන ගමන් මිනිස්සුන්ට හොඳ නිෂ්පාදන ලබන්න පුළුවන්. තරඟයට මුහුණ දීම සහ නාස්තිය අවම කිරීම අහියෝගයක් වෙන්නේ. (ර)
ඉතාම හොඳ, සුබ අනාගතයක පෙර නිමිති. නැවත වැසි යන්නට නොදී ලාබ ලබන ආයතනක් ලෙස පවත්වාගෙන යන්න. කවුරුත් තමන්ගේ රස්සාව කැප වීමෙන්, උනන්දුවෙන් කලොත් තමන්ගේත්, ආයතනයේත්, රටෙත් සෞභාග්‍යය උදා වෙනවා නියතයි. හැමෝම ගන්න අපේ දේවල් අපි රටක් වශයෙන් දියුනුවෙමු. ඉන්දියාව ආදර්ශයට ගමු. මගේ සුභාසිංසන. (ර)
ඉතාම හොඳ,සුබ අනාගතයක පෙර නිමිති. නැවත වැසි යන්නට නොදී ලාභ ලබන ආයතනක් ලෙස පවත්වාගෙන යන්න. කවුරුත් තමන්ගේ රස්සාව කැප වීමෙන්, උනන්දුවෙන් කලොත් තමන්ගේත්, ආයතනයේත්, රටෙත් සෞභාග්‍යය උදා වෙනවා නියතයි(ම)
නියමයි. ඉතා හොඳයි (නි)
මේක ඔපන් කරලා තියෙන්නේ දුවනේ අප්පා නාමල් ආදර්ශයට ගන්නවනං අලුත් ආණ්ඩුවත් පන්නමු (කේ)
ඉන්දික, ඔයා මැරිලා ඉපදිලාද? (නි)
මේක පටන්ගන්නවාට තෙල් වෙළෙන්දෝ නම් කැමති නැතිවෙයි. ඔවුන්ගේ බලපෑම් වලට හා මුදල් වලට යටනොවි ජනතාව වෙනුවෙන් කරගෙනයෑමට ශක්තිය ලැබේවා! (නි)
මේක පටන් ගන්නවාට තෙල් වෙලෙන්දො කැමති නැහැ. උන්ගේ බලපැම් වලට හා මුදල් වලට යට නොවි ජනතාව වෙනුවෙන් කරගෙන යැමට ශක්තිය ලැබේවා.(ම)
නිල කටයුතුවලට මොකටද ඇමැතිගෙ හත්මුතු පරම්පාරාවම ගෙන්නන්නෙ? වැවිලි අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ තරමටම කොන්දක් නැද්ද? (බ)
නිල කටයුතුවලට මොකටද ඇමතිගෙ හත්මුතු පරම්පාරාවම ගෙන්නන්නෙ? වැවිලි අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ තරමටම කොන්දක් නැද්ද? (ත)
නිල කටයුතුවලට මොකටද ඇමතිගෙ හත්මුතු පරම්පාරාවම ගෙන්නන්නෙ? අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ තරමටම කොන්දක් නැද්ද? (ම)
මොනා වුණත් බීසීසී සබන් වලට ගහන්න එකක් නැහැ. (බ)
පොල්තෙල් නොම්මර 01.(හේ)
ඒක හොදයි.(හේ)
මේ නිසා රැකියා අවස්ථා කීයක් ලැබෙනවද දැන්.මේක තමයි වෙන්න ඕනේ.(හේ)
ගොඩක් සතුටුයි.(හේ)
තරුණ තරුණියන්ට රැකියා ලබා ගන්න අවස්ථාවක්.(හේ)
මේ වගේ වැසී ඇති ආයතන නැවත විවෘත කර රටේ ඇති රැකියා අර්බුදයට පිළියමක් සොයා ගන්න පුළුවන්.(හේ)
සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සදහා.(හේ)
දින 100 වැඩ පිළිවෙල සාර්ථක බව මේ දෙයින් ඔප්පු වෙනවා.(හේ)
ජයවේවා.(හේ)
බලයේ ඉන්න අය මේ කළ වැඩේ නම් අගයන්න ඕනෑ. සේවකයෝ තමන්ගේ යුතුකම් වගකීම් ඉටුකරලා මේ ආයතනය ලාබදායක තත්වයට පත්කළොත් රටට වැඩදායක වේවි. (නි)
මේක රජයට අයත් ආයතනයක්... දේශප්‍රේමීත්වය පපුවට ගහල නම බ්‍රිටිෂ් නිසා මේක වහල...බ්‍රිතාන්‍යයෙන් සබන් ගෙන්නන අපේ කර්මාන්ත වහන්න නෙමෙයි අපිට ඕන... ධනවාදී පක්ෂයක් වෙලත් බලයේ ඉන්න අය මේ කළ වැඩේනම් අගයන්න ඕන.. සේවකයෝ තමන්ගේ යුතුකම් වගකීම් ඉටුකරලා මේ ආයතනය ලාභදායී තත්ත්වයට පත්කළොත් රටට වැඩදායක වේවි...(බ)
මේක රජයට අයත් ආයතනයක්...(ත)
එතකොට මේකේ ලාභේ කොටසකුත් බ්‍රිතාන්‍යට යනවා ආපසු මේකද අපිට ඕනේ. (බ)
බීසීසීය නැවත ගොඩගැනීමට සිතූ එක ගැන අපිට හරිම සතුටුයි (නි)