විමුක්ති එස්.රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත බදු ආදයම රුපියල් බිලියන 1940 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස පහේ බදු ආදායමට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
2024 වසරේ පළමු මාස 5 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1617 ක් විය. මෙම වසරේ පළමු මාස 5 රජයේ බදු අදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.9 ක් බව නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ ප්‍රදාන ඇතුළු රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1942 ක් වේ. එයද පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයකි.
සමස්ත හිඟය පසුගිය වසරට වඩා පහළ යනවිට ප්‍රාථමික අතිරික්තය ඉහළ ගොස් ඇති බව සේනානායක මහතා ප්‍රකාශ කළේය. පළමු මාස 5 තුළ රජයේ වියදම රුපියල් බිලියන 1024 වන අතර එය පසුගිය වසරේ පළමු මාස 5 සාපේක්ෂව සියයට 17 ක වර්ධනයකි. මෙම වසරේ පළමු මාස 5 තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 175 දක්වා පහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 5 දී වාර්තා වූ රුපියල් බිලියන 193 ක ප්‍රාග්ධන වියදමට සාපේක්ෂව සුළු පහළ යාමකි.
එසේම පළමු මාස 5 තුළ අයවැය හිඟය රුපියල් බිලියන 237 දක්වා පහළ වැටී ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 35 ක පහළ යාමක් විය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පළමු මාස පහේ රජයේ බදු ආදායමේ සියයට 20 ක වර්ධනයක්