IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පළමු මාස 6දී තේ කිලෝ මිලියන 126.8 ක් අපනයනය කරලා

  • පසුගිය වසර 4 ක කාලයේදී මාස 6 ක් තුළ අපනයනය කළ වැඩිම තේ කිලෝ ගණන
  • උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 743 ක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 6දී ශ්‍රී ලංකාව තේ කිලෝ මිලියන 126.8 ක් අපනයනය කර ඇති බවත් එය පසුගිය වසර 4 ක කාලයේදී මාස 6 ක් තුළ අපනයනය කළ වැඩිම තේ කිලෝ ගණන බවත් මෙරට ප්‍රමුඛපෙළේ වෙළෙඳ භාණ්ඩ තැරව්කාර සමාගමක් වන ඒෂියා සියකා විශ්ලේෂණය කළ රේගු දත්ත වාර්තා පෙන්වා දෙයි.

ශක්තිමත් ඉල්ලු‍ම, නිෂ්පාදනවල ඉහළ ගුණාත්මකභාවය සහ ප්‍රධාන වෙළෙඳපොළවලට සිදු කරන නැව්ගත කිරීම් ඉහළ යාම තේ කර්මාන්තය ලබාගෙන ඇති ප්‍රගතියට හේතුවී ඇතැයි ඒෂියා සියක සමාගම පවසයි.

පසුගිය ජූනි මාසයේදී පමණක් කිලෝ ග්‍රෑම් මිලියන 23 ක තේ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අපනයනය කර ඇති බවත් එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 11 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තා පෙන්වා දෙයි. එම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6 තුළ අපනයනය කළ තේ කිලෝ ග්‍රෑම් ප්‍රමාණය මිලියන 126.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 6ට සාපේක්ෂව සියයට 6 ක වර්ධනයක් බවද එහි දැක්වේ.

පසුගිය වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාව තේ කිලෝ ග්‍රෑම් මිලියන 119.1 අපනයනය කර තිබිණි. මෙම වසරේ පළමු මාස 6දී ශ්‍රී ලංකාව සිදුකළ තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 743 ක් උපයා ඇති අතර එය 2014 වසරින් පසුව වසරේ පළමු මාස 6 තුළ ලබාගත් වැඩිම ආදායමද වේ. 2014 වසරේ පළමු මාස 6 තුළදී ශ්‍රී ලංකාව තේ කිලෝ මිලියන 157 ක් අපනය කර තිබූ අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 805 ක ආදායමක් උපයා තිබිණි.

මුල් අර්ධයේදී, තේ කිලෝ ග්‍රෑමයක් සඳහා නැව්ගත කරන විට සියල්ල ඇතුළත් මිල ඇමෙරිකානු ඩොලර් 5.87 දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසරේ පළමු මාස 6ට සාපේක්ෂව මෙම වසරේ පළමු අර්ධයේදී තේ අපනයනයේ වැඩිම වර්ධනයක් සිදුව ඇත්තේ ක්ෂණික තේ නිෂ්පාදනවල බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 23 ක් බවත් රේගු දත්ත වාර්තාවල සඳහන් වේ. සමස්තයක් ලෙස පළමු අර්ධයේදී ක්ෂණික තේ මිලියන 1.6 ක් ශ්‍රී ලංකාව අපනයනය කර ඇති බවද එහි දැක්වේ. තේ පැකට් අපනයනය පළමු අර්ධයේදී සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් එය සමස්ත තේ අපනයනයෙන් සියයට 46 ක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.

එසේම තේ බෑග් අපනයනය පළමු අර්ධයේදී ස්ථාවරව පැවැතී ඇති බවත් සමස්ත තේ අපනයනයෙන් සියයට 10 ක ප්‍රතිශතයකට තේ බෑග් හිමිකම් කියන බවත් එම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් තොග තේ ඇණවුම් මෙම වසරේ පළමු අර්ධයේදී සියයට 41 දක්වා පහළ වැටි ඇති බවද එහි දැක්වේ.

පළමු අර්ධයේදී වැඩිම තේ කිලෝ ග්‍රෑම් මිලියන 18.7 ක ඉරාකයට අපනයනය කර ඇති අතර එය රටකට අපනයනය කළ වැඩිම තේ කිලෝ ග්‍රෑම් ප්‍රමාණයද වේ. එය පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව සියයට 28 ක වර්ධනයකි. එසේම ලිබියාවට තේ කිලෝ ග්‍රෑම් මිලියන 11.4 ක් අපනයනය කර ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව සියයට 280 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 

 



අදහස් (0)

පළමු මාස 6දී තේ කිලෝ මිලියන 126.8 ක් අපනයනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site