IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පළමු මාස 4 දී ඇඟලු‍ම් අපනයනයෙන් ඩොලර් බිලියන 1.65 ක ආදායමක්

පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 12.40 ක වර්ධනයක්
යුරෝපා සංගමයට කළ අපනයන සියයට 18.13 කින් වර්ධනය වෙලා
පළමු මාස හතරේදී ඇමෙරිකාවට ඩො.මි. 616.54 ක සහ පසුගිය අප්‍රේල් මාසයේදී ඩො.මි. 121.89 ක ඇඟලු‍ම් අපනයනය කරලා


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 4 දී ඇඟලු‍ම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.65 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 12.40 ක වර්ධනයක් බවත් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පවසයි.
එසේම පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මෙරට මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 344.40 ක් බවත් එය 2024 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 15.14 ක වර්ධනයක් බවත් එම සංසදයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය අප්‍රේල් මාසයේ මෙන්ම මෙම වසරේ පළමු මාස හතර තුළදීද පෙර වසරට සාපේක්ෂව යුරෝපා සංගමයට කළ ඇඟලු‍ම් අපනයන සැලකිය යුතු ප්‍රතිශතයකින් වර්ධනය වී ඇති බවද එම දත්ත වාර්තාවල දැක්වේ. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේදී යුරෝපා සංගමයට සිදුකළ අපනයන සියයට 27.04 කින් සහ පළමු මාස හතර තුළදී යුරෝපා සංගමයට සිදුකළ අපනයන සියයට 18.13 කින් වර්ධනය වී ඇතැයිද ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් මෙම වසරේ පළමු මාස හතර තුළදී මෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදී වැඩිම ඇඟලු‍ම් අපනයන ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ඇමෙරිකාවට බවද ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පැවැසුවේය.
මෙම වසරේ පළමු මාස හතරේදී ඇමෙරිකාවට ඩොලර් මිලියන 616.54 ක සහ පසුගිය අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 121.89 ක ඇඟලු‍ම් අපනයන කර ඇතැයි එම සංසංදයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.



අදහස් (0)

පළමු මාස 4 දී ඇඟලු‍ම් අපනයනයෙන් ඩොලර් බිලියන 1.65 ක ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site