IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි

  • සියයට 9.4 ක ඉහළ යාමක් 

විමුක්ති එස්. රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුකර ඇත.
මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස තුනේදී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12ක මුදලක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබූ අතර එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව සියයට 9.4 ක ඉහළ යාමක්ද විය. එසේම පසුගිය මාර්තු මාසයේදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 354 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 5 ක ඉහළ යාමක්ද වූවේය.
කෙසේ නමුත් පසුගිය පෙබරවාරි මාසය සමග සංසන්දනය කරන විට මාර්තු මාසයේ සංචාරක ඉපැයීම් සියයට 4 කින් සුළු වශයෙන් පහත ගොස් තිබිණ. පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියේ පළමු කාර්තුව සඳහා සංචාරකයෙක්ගේ දෛනික වියදම් සීමාව ඇමෙරිකානු ඩොලර් 171 ක් බවත් ඉදිරියේදී සේවා සහ පහසුකම් සංවර්ධනය කිරීම තුළින් දෛනික වියදම් සීමාව ඩොලර් 200 දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවත්ය.



අදහස් (0)

පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site