(තිළිණි ද සිල්වා)
සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයින් 1500 ක් පසුගිය සති තුනක කාලය තුළ දිවයින පැමිණි බවත්, ඉන් මෙරටට රුපියල් මිලියන 420 ක ආදායමක් ලැබුණු බවද සංචාරක අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය.
පසුගිය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර ගනිමින් අනිද්දා (21) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද ඇමතිවරයා මෙහිදී කීවේය.
ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබෙන බවත් , මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් යැයිද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
සංචාරක අමාත්ය්වරයා මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීඅද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවය.
මෙරටට පැමිණෙන සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර, ඔවුන්ට මෙරටට පැමිණීමට ඉඩලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඩ් ආසාධිත නොවන බවට තහවුරු වූ සංචාරකයින්ට පමණක් යැයිද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.
සංචාරකයන් පැමිණෙන හෝටල් වල කර්යමණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමතිවරයා කීය..
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ සංචාරක කර්මාන්තය බිද වැටීමෙන් විශාල පිරිසක් පිඩාවට පත් ව සිටින හෙයින් ජාතික වගකීමක් ලෙස සලකා , සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට රජය ගෙන යන වැඩ පිලිවෙලට සහය වන්නැයි ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් බී. විජේවීර, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ,
රජයේ ප්‍රවෘත්ති නාලක කළුවැව යන මහත් මහතමීන් සහ රජයේ පෞද්ගලික සියළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීහු එක්ව සිටියහ.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පසුගිය සති කිහිපයේ ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් මිලියන 420 ක අදායමක්
wicky Monday, 18 January 2021 03:40 PM
මේ කියන විදිහට මාසයකට සංචාරකයින් 1500ක් ගෙන්න ගත්තා නම් රට නිකන්ම ගොඩනේ..
Binkunndaa Tuesday, 19 January 2021 05:57 PM
ගජබින්නාලංකාරයේ බොරු..!!!
lal Wednesday, 20 January 2021 08:18 AM
කැල්කියුලේටර් එකත් කඳ, බඩ වගේම ලොකුයි වගේ.
Lanka Wednesday, 20 January 2021 12:55 PM
කෝවිඩ්-19 සඳහා අදාල එන්නත් ලබාගෙන ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද?
sakalabujan Thursday, 21 January 2021 06:31 AM
ආසියානු කලාපයේ සියලුම රටවල් විදේශගතව සේවය කරන තමන්ගේ රටේ ස්වදේශික ජනතාවට රටට ඇතුල්වීමට ගුවන් තොටුපල විවෘතව පහසුකම් සපයා ඇති අතර 2021 ජනවාරි සිට විදේශිකයන්ට විවෘතව ලාංකිකයන්ට සීමා පනවා ඇත්තේ ලංකාවේ ගුවන් තොටුපල පමණි. තරු පන්තියේ හෝටල් වල දවසට රු 7,500, රු 9,000 හා තනිවම සිටිය හැකි රු 12,500 යේ පැකේජවලින් දින 14ක් තුළ ලක්ෂයකට අධික මුදලක් ශ්‍රමිකයාගෙන් සූරාකමින් රජය තම ගජ මිතුරන් පිනවයි. අරාබියේ ගෙවල්වල බැලමෙහවර කර දුක්විඳ උපයන සොච්චම් මුදලින් කුමන හෝටල්ද? ගුවන් තොටුපලේ PCR නෙගටිව් නම් නිවසේ තනි කාමරයක දින 7ක් හෝ 14ක් රජයේ නිලධාරින්ගේ නිරීක්ෂණය යටතේ නිරෝධායනයට ඉඩ සලසා දෙන්න. ලංකාව් දැන් රෝගීන් 30,000 ඉක්මවා ඇති නිසා කොරෝනා පාලනය නම් තව දුරටත් විහිළුවකි.