IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පසුගිය වසරේ කෝටි 34.3 ක් බඩගින්නේ, ආසියාවේ පමණක් කෝටි 8.8 ක්

  • පසුගිය වසර හතරේදී රටවල් 26 ක ආහාර උද්ධමනය දෙගුණ වෙලා
  • පසුගිය වසරේදී ආසියා හා ශාන්තිකර කලාපවල කෝටි 2.5 කට ලෝක ආහාර වැඩසටහනේ සහාය
  • ගෝලීය අරමුදල් අර්බුදයක් ඇතිවීමට ඉඩ
  • මෙම වසරේදී ආසියා හා ශාන්තිකර කලාපවල උග්‍ර ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන ජනතාවට සහාය වීමට ඇමෙරිකානු ඩො. බි. 2.5 ක අවශ්‍යතාවක්
  •  පසුගිය වසරේදී අරමුදල් ප්‍රමාණවත් පරිදි නොලැබීමෙන් ලෝක ආහාර වැඩසටහනේ සහාය සීමා වෙලා

විමුක්ති එස් රුද්‍රිගු


ලොව පුරා කෝටි 34.3 ක් පසුගිය වසරේදී උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකින් පෙළී ඇති බවත් ලොව පුරා මානුෂීය ආහාර අවශ්‍යතා අඛණ්ඩව ඉහළ ගිය වසරක් ලෙස පසුගිය වසර හැඳින්විය හැකි බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවක් පෙන්වා දෙයි.
එලෙස විශාල පිරිසකට උග්‍ර ආහාර අනාරක්ෂිතතාව ඇතිකළ ප්‍රධාන සාධක අතරට දේශපාලනික අස්ථාවරත්වය, ගැටුම්, බලහත්කාරයෙන් අවතැන් කිරීම්,ගංවතුර සහ භූමිකම්පා වැනි දැඩි කාලගුණික තත්ව ඇතුළත් වූ බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය. පසුගිය වසර හතර තුළ රටවල් 26ක ඉහළ ආහාර උද්ධමනය දෙගුණ වී ඇති බවද ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.
උද්ධමනය ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව දුර්වල කර ඇති බවත් ඒ හේතුවෙන් ලෝකයේ වෙසෙන මිලියන ගණනක ජනතාවකට ආහාර මිලදී ගැනීමට හැකියාවක් නොමැති වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
ආසියාවේ සහ ශාන්තිකර කලාපයේ කෝටි 8.8 ක ජනතාවක් පසුගිය වසරේදී උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකින් පෙළී ඇති බවත් එය අවසන් වරට මෙම සමීක්ෂණය සිදුකළ 2019 වසර සමග සැලකිල්ලට ගැනීමේදී සැලකිය යුතු ඉහළ යාමක් බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. ඉන් පෙනී යන්නේ පසුගිය වසර කීපය පුරාවට අඛණ්ඩව මිනිසුන්ගේ අවශ්‍යතා ඉහළ ගොස් තිබෙන බව යැයිද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.
රටවල් රැසක් පසුගිය වසර කීපය පුරාවට උග්‍ර ආහාර අනාරක්ෂිතතාව ඇතිකරන සාධක කීපයකට එකවර මුහුණදී තිබෙන බවද ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාව පෙන්වා දෙයි. පසුගිය වසරේදී බංග්ලාදේශ ජනතාව දේශපාලන අස්ථාවරත්වය, දැඩි කාලගුණික බලපෑම් සහ ඉහළ උද්ධමනය හේතුවෙන් මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී අර්බුදයකට මුහුණදී ඇති බවත් මිලියන 15 ක පිලිපීන ජනතාවක් දැඩි කාලගුණික තත්වය හේතුවෙන් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවෙන් පෙලී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
රටවල් 193ක් අතුරින් වැඩිම ආපදා අවදානමක් ඇති රටවල් තිබෙන කලාපය ලෙස ශ්‍රේණිගත කර ඇති අග්නිදිග ආසියානු කලාපය තුළ අධි තීව්‍රතාවකින් යුත් ස්වාභාවික උපද්‍රව නැවත නැවතත් සිදුවෙමින් පවතින බවද ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය.
ගෝලීය මානුෂීය මැදිහත්වීම් සඳහා මූල්‍යමය සහයෝගයේ අඩුවක් පසුගිය වසරේ දක්නට තිබෙන බවත් ලොව පුරා ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන ජනතාවට සහන සැලසීමට අවශ්‍ය වූ මුදලෙන් ලැබී තිබුණේ හරි අඩක් පමණක් බවත් ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් 2023 වසරට සාපේක්ෂව පරිත්‍යාගශීලින් ලබාදුන් ලෝක ආහාර වැඩසටහනේ ඉලක්ක සඳහා ලබාදුන් දායකත්වය ඉහළ ගොස් තිබෙන බවද ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාව පෙන්වා දෙයි. සහන සැලසීමට අවශ්‍යවූ මුදලින් හරි අඩක් ලැබීම හේතුවෙන් ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන ජනතාවට සහන සැලසීමට තිබූ ලෝක ආහාර වැඩසටහනේ හැකියාවද පසුගිය වසරේ සීමා වූ බව එම වාර්තාවේ දැක්වේ.
ඇෆ්ගනිස්තානයේ පමණක් සෑම පුද්ගලයන් තුන්දෙනකුගෙන් එක් අයෙක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන බවත් ගෝලීය අරමුදල් ලැබීමේ හිඟතාව හේතුවෙන් ගිම්හාන සෘතුවේදී සහාය අවශ්‍ය අයගෙන් සහාය ලබාදීමට හැකියාව ලැබුණේ සියයට 12 ක ප්‍රතිශතයකට බවත් උග්‍ර ආහාර අනාරක්ෂිතතාව දැඩිව බලපාන ශීත සෘතුවේදී අරමුදල් හිඟතාව හේතුවෙන් සහාය අවශ්‍ය පිරිසගෙන් සහාය වීමට හැකියාව ලැබුණේ සියයට 41 ක ප්‍රතිශතයකට පමණක් බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.



අදහස් (0)

පසුගිය වසරේ කෝටි 34.3 ක් බඩගින්නේ, ආසියාවේ පමණක් කෝටි 8.8 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site