( තිළිණි ද සිල්වා )
ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කර සිටීයි.
මේ වන විට ප්‍රමාණවත් තරම් පොල් අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඔවුන්ට මෙරටින් පොල් මිලදී ගැනීමට හැකිවීම හේතුවෙන් ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇතැයි ද එම අමාත්‍යාංශ ලේකම් ජේ. එච්. රංජිත් මහතා සඳහන් කර සිටී.
පසුගිය කාලයේ ඉන්දුනිසියාව සහ පිලිපීනය යන රටවලින් මෙරටට පොල් මද මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ගෙන්වනු ලැබ ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
පොල් මද ආනයනයට කර්මාන්තකරුවන් 12 දෙනෙකු පසුගිය කාලයේ අවසර ඉල්ලා තිබිණි. මේ දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 40 ත් රුපියල් 80 ත් අතර මිලකට ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් මද ආනයනය කරන්නේ මොකටද? ඒවයින් හදන්නේ මොනවද ?