IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප්‍රයිම් සමූහයෙන් PrimeMax අවම මූලික ගෙවීමකින් ආයෝජනය කිරීමට අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් කරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. මෙම නව ගෙවීම් ක්‍රමවේදය නම් කර ඇත්තේ PrimeMax නමිනි. මෙය නිල වශයෙන් හඳුන්වා දීමේ උත්සවය පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. 

නිවසක් මිලදී ගැනීම යනු විශාල මුදලක් දැරීමට සිදු වන ආයෝජනයකි. දීර්ඝ කාලයක් පුරා මෙරට නිවාස ගැනුම්කරුවන්ට එම ගැටලු‍වට මුහුණ දීමට සිදු විය. එමෙන්ම ආයෝජකයෝ දේපළවල වටිනාකම ඉහළ යාමෙන් උපරිම ප්‍රයෝජන ලැබීම සඳහා වඩාත් උපායමාර්ගික ක්‍රම වෙත යොමු වූහ. PrimeMax ක්‍රමවේදය සකස් කර ඇත්තේ මෙම සියලු‍ සාධක සැලකිල්ලට ගනිමිනි. 

PrimeMax මගින් ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ සියයට 10 ක මූලික ගෙවීමක් සමගින් සියයට 0.5 වැනි මාසික වාරිකයක් හඳුන්වා දී තිබේ. මෙමගින් ගැනුම්කරුවන්ට දේපළ මිලදී ගැනීමේදී මුහුණ දීමට සිදු වූ මුල්‍යමය බාධා ඉවත් වන අතර, ඔවුන්ට දේපළවල වටිනාකම් ඉහළ යාමෙන් උපරිම ප්‍රයෝජන ලැබීමටද හැකි වනු ඇත. අවම මූලික ගෙවීමක් සමගින් දීර්ඝකාලීනව මුල්‍යමය වාසි හිමිකර ගැනීමට අවස්ථාව සලසා දෙන PrimeMax ක්‍රමය ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකරනු නිසැකය. 

PrimeMax මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ දේපළ මිලදී ගැනීම සඳහා භාවිත කළ හැකි හොඳම විසඳුම බවට පත් වනු ඇත. ප්‍රථම වරට නිවසක් මිලදී ගැනීමට සැලසුම් කරන ගැනුම්කරුවන්ට මෙන්ම දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව ලාබ ලැබීමට අපේක්ෂා කරන ආයෝජකයන්ටද මෙය කදිම විසඳුමකි. මෙමගින් ආයෝජකයන්ට දේපළ කිහිපයක් සඳහා එකවර ආයෝජනය කිරීමටද අවස්ථාව හිමි වනු ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසුවේ ප්‍රයිම් සමූහය කවදත් නවෝත්පාදනය සම්බන්ධයෙන් විශ්වාසය තැබූ බවයි. ප්‍රයිම් සමූහය හුදෙක් නිවාස ඉදිකරන සමාගමක් පමණක් නොවන බවත්, එය ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස සිහින සැබෑ කරමින් ඔවුන්ට දීර්ඝකාලීන මුල්‍යමය ප්‍රතිලාභ හිමිකර දීමට කැපවුණු සමාගමක් බවත් ඒ මහතා අවධාරණය කළේය. 

 



අදහස් (0)

ප්‍රයිම් සමූහයෙන් PrimeMax අවම මූලික ගෙවීමකින් ආයෝජනය කිරීමට අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site