IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය ගිවිසුමක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමූහ ව්‍යාපාරය වන ප්‍රයිම් සමූහය (Prime Group)  ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය (FSLGA)  සමග ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා  කටයුතු කළේය. පළාත් පාලන ආයතන නිලධාරීන් වෙනුවෙන් දීපව්‍යාප්ත මට්ටමින් ශක්‍යතා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම එහි අරමුණයි. 
මෙම වැඩසටහන යටතේ පළාත් පාලන ආයතනවල සේවය කරන නිලධාරීන් හා නිලධාරිනියන් දැනුවත් කිරීමට හා ඔවුන්ට පුහුණුවක් ලබාදීමට නියමිතය. ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් පළාත් පාලන ආයතනවල සේවාවල කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ නවෝත්පාදන හැකියාව වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහනක් වනිප්‍රයිම් රාජ්‍ය සේවා අභිමන්’ වැඩසටහන යටතේ ක්‍රියාවට නංවනු ලබන මෙය, අර්ථවත් ප්‍රජා සංවර්ධනයක් සහ වගකීම් සහගත ආයතනික පුරවැසිභාවයක් උදෙසා ප්‍රයිම් සමූහය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරයි. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිනී හේමන්ති ගුණසේකර මහත්මිය මෙසේ පැවසුවාය. මෙරට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශයේ දේපළ 
වෙ​ෙළඳාම් සන්නාමයක් අතර මෙබඳු හවුල්කාරීත්වයක් ඇතිකරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. 
මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා මෙසේ අදහස් දැක්වීය. “රාජ්‍ය සේවකයන් සවිබල ගැන්වීම, ජාතිය ගොඩනැගීම හා ජාතික සංවර්ධනයට ඍජුවම බලපාන බව අප තදින්ම විශ්වාස කරනවා. රාජ්‍ය හා  පෞද්ගලික අංශ හවුල්කාරිත්වයකටත් වඩා පරිපාලන ක්‍රමවේදය සවිමත් කිරීම මෙම ගිවිසුමේ මූලික අරමුණයි. වඩා කාර්යක්ෂමවත්, වගකීම් සහගතවත්  රාජකාරි කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමද මෙමගින් අප බලාපොරොත්තු වෙනවා. මේ සියලු‍ සත්කාර සඳහා අනුග්‍රහය සැපයීම, වගකීමට එහා ගිය යුතුකමක් වශයෙන් ප්‍රයිම් සමුහයේ අප සලකනවා.”   
රාජ්‍ය සේවා අභිමන් වැඩසටහන යටතේ දැනටමත් ගම්පහ සහ මීගමුව යන ප්‍රදේශවල පුහුණු වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහන්වලදී පුහුණුව ලැබූ පළාත් පාලන නිලධාරීන් සංඛ්‍යාව 150 කට අධික වන අතර, එහිදී එම නිලධාරීන්ගේ මෘදු කුසලතා, සන්නිවේදන හැකියාවන්, චර්යාත්මක ප්‍රවේශ සහ සමස්ත කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකෙරිණි. 
ප්‍රයිම් සමූහය සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය අතර අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම, පළාත් පාලනය නගාසිටුවීම අරමුණු කරගත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයේ නව යුගයක් සනිටුහන් කළ පියවරකි. 



අදහස් (0)

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site