IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන Prime Lands  සමාගමේ නවතම ව්‍යාපෘතිය ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය. කොට්ටාව ප්‍රදේශයේ ඉදි වන මෙයිනිවසත් ඔබත් සරුවට වැඩෙන තැනක්’ (A Home that grows with you)  යන නැවුම් දර්ශනය මූලික කරගත්, සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි. 

Skye Blossom  ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කළ මංගල පස් පිඩැල්ල කැපීමේ උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, එම අවස්ථාවට Prime සමූහ ව්‍යාපාරයේ සභාපති සහ සම-සභාපති, විශේෂ ආරාධිතයන් සහ නිවාස ගැනුම්කරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. Prime  සමූහයට අනන්‍ය වූ උසස්ම ප්‍රමිතියෙන් යුතුව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවනු ඇත 

“ Skye Blossom Kottawa යනු ‘A Home that grows with you’  යන දැක්ම පදනම් කරගත් සුවිශේෂී ව්‍යාපෘතියක්. එය  ලංකාවේ නාගරික ජීවන රටාවේ අනාගතය සංකේතවත් කරන ව්‍යාපෘතියක් ලෙසත් හැඳින්විය හැකියි.  Prime සමූහය හඳුන්වා දී ඇති සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රමය නිසා ගැනුම්කරුවන්ට මෙහි නිවාස මිලදී ගැනීම වඩාත් පහසු වේවි. මෙය රටේ ජනතාවට තම ජීවන රටාවන්ට ගැළපෙන ඉහළම තලයේ පහසුකම්වලින් යුත් සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Prime Lands  (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසීය. 
කොට්ටාව නගරයේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇතිSkye Blossom Kottawa ව්‍යාපෘතිය මහල් 16කින් යුතු ගොඩනැගිලි දෙකකින් සමන්විත වේ. ස්වභාවධර්මයත් සමග ඒකාත්මික වන ආකාරයට මෙහි නිවාස ඉදිකෙරෙන අතර, නිදන කාමර 2 සහ 3 බැගින් වන, වර්ග අඩි 975 ත් 1375 ත් අතර ප්‍රමාණයේ නිවාස එකතුවක් මීට ඇතුළත් වනු ඇත. එමෙන්ම මෙම නිවාසවල වටිනාකම ක්‍රමානුකූලව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම නිසා Skye Blossom Kottawa  ව්‍යාපෘතියේ නිවාස ඒවායෙහි ගැනුම්කරුවන්ට දීර්ඝකාලීන වටිනාකම් තිළිණ කරන සුවිශේෂී ආයෝජනයක්ද වනු නිසැකය. 

හුදෙක් නිවාස ඉදිකිරීම වෙනුවට, පදිංචිකරුවන්ගේ ජීවිත වඩාත් ප්‍රසන්න සහ සෞභාග්‍යවත් කරන ජීවන අවකාශයන් නිර්මාණය කිරීම  Prime  සමූහයේ අරමුණයි.  Prime  සමූහයේ සෑම ව්‍යාපෘතියකම සෑම නිවෙසක්ම ඉදිකරනු ලබන්නේ නවීන ගෘහනිර්මාණ ශිල්පය, ස්වභාවධර්මය සහ නවීනතම පහසුකම් එක්තැන් වන පරිද්දෙනි. එම නිසා නූතන  ලාංකිකයන්ගේ වෙනස් වන ජීවන රටාවට වඩාත් හොඳින් ගැළපෙන නිවාස ඉදිකරමින්, වර්තමාන නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියකු බවට පත් වීමට  Prime  සමූහයට හැකි වී ඇත. 

අඩි 100 ක දිගකින් යුත් පිහිනුම් තටාකයක් සහ දරුවන් වෙනුවෙන්ම වෙන් වූ පිහිනුම් තටාකයක්, සෑම නිවෙසකටම බහුකාර්ය කාමර සහ සියලු‍ පහසුකම් සහිත ව්‍යායාම ශාලාවක් ඇතුළු පහසුකම් රැසක් Skye Blossom Kottawa  නිවාස ව්‍යාපෘතියට ඇතුළත්ය. එමෙන්ම එය පදිංචිකරුවන්ට සහ අමුත්තන්ට වාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩකඩ සහිත රථ ගාලකින්ද සමන්විත වේ. 

කොට්ටාව යනු ගමනාගමනය ඉතාමත් පහසු, ක්‍රමයෙන් දියුණු වන වාණිජ පහසුකම් සහිත, ජීවත් වීමට හිතකර පරිසරයකින් යුත්, අධ්‍යාපනික හා විනෝදාස්වාද පහසුකම්ද නොඅඩුව පවතින නගරයකි. 

 



අදහස් (0)

ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site