මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව එම පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කරන විමර්ශන තවදුරටත් කරගෙන යෑමේ අරමුණින් පර්පෙචුවල් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු කරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකින් අත්හිටුවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ.
අදාළ අත්හිටුවීම පෙරේදා (5) පස්වරු 4.30 සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුව 2017 ජූලි මස 6 වැනිදා මුල් වරට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැන් පටන් අඛණ්ඩව මාස හයෙන් හයට එම අත්හිටුවීම දීර්ඝ කරන ලදි.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පර්පෙචුවල් ව්‍යාපාර අත්හිටුවන්න ගත් තීරණය තවත් මාස 6 කින් දිගු වෙයි