IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ප්‍රධාන ගමනාන්ත 4 කට ශ්‍රී ලන්කන් ගමන් ඇරඹෙයි

( තිළිණි ද සිල්වා )

ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම  සැලකිල්ලට ගනිමින්  රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරිමෙන් අනතුරුව  ශ්‍රීලංකන්  ගුවන් සේවය  ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහහොංකොං යන නගරවලට, සංචාරක උපදේශ යටතේ ගමන් කිරීමට සුදුසුකම්  ඇති මගීන්ට හෙට (13) සිට සේවා සැපයීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට දැන් ශ්‍රීලංකන් කාර්යාල හරහා හෝ ඔබේ ළඟම සංචාරකනියෝජිතයා හරහා ගුවන් ටිකට්පත් මිලදී ගත හැකි යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා අද (12) පැවසීය .

වර්තමානයේ බොහෝ රජයන් විදේශයන් හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ සංචාරක ලියකියවිලි වල නිරවද්‍යතාවය සහනිරෝධායන කාල සීමාවන්ට යටත්ව නැවත සිය රටවලට යාමට අවසරදී ඇත.

ඒ අනුව අද සිට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙම විශේෂ සංචාරක ක්‍රමය යටතේ මගීන්ට ලන්ඩන් සහ ඉන් ඔබ්බටසංචාරය කිරීමට අවස්ථාව ලබා දී තිබෙන බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කීය .

මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අපනයනකර්මාන්ත සඳහා සහය දැක්වීම සඳහා ගුවන් සේවය ගමනාන්ත 17 ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත.  ඊට මාලදිවයින වෙත සතිපතා ගුවන් ගමන් තුනක් , චෙන්නායි ,හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බර්න්, බීජිං, ගුවැන්ෂු(කැන්ටන්) සහ ෂැංහයි වෙත සතියකට ගුවන් ගමන් දෙක බැගින් සිදු කිරීමට නියමිතයි. මුම්බායි, කරච්චි,ලාහෝර්,ඩකා, ෆ්‍රැන්ක්ෆර්ට් සහ ටෝකියෝ වෙත සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වේ.

ඒ අතරින් ලන්ඩන්, ටෝකියෝ (නරීටා) , මෙල්බර්න් සහ හොංකොං වෙත ගුවන් භාණ්ඩ මෙන්ම මගී ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

මෙම නව ගුවන් ගමන් භාවිතා කරමින් සංචාරය කිරීමට කැමති මගීන්එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මතපදනම්ව අදාළ රටවලට ඇතුළුවීමට සුදුසුකම් ඇති බවට සහතික වියයුතු යැයිද ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කරයි.

මෙම ක්‍රමය යටතේ සංචාරය කිරීමට අදහස් කරන මගීන් ප්‍රවේශ පත්‍රමිලදී ගැනීමට පෙර ඔවුන්ගේ අදාළ දේශසීමා පාලන අධිකාරීන් , ආගමන සහ විගමන බලධාරීන් හෝ ඔවුන්ගේ සංචාරක නියෝජිතයින්අමතා පරීක්ෂා කර බැලීම සිදුකරන මෙන්ද එම සමාගම ගුවන් මගීන් ගෙන් ඉල්ලා සිටී.



අදහස් (6)

ප්‍රධාන ගමනාන්ත 4 කට ශ්‍රී ලන්කන් ගමන් ඇරඹෙයි

pradeepa Tuesday, 12 May 2020 09:27 AM

මාලදිවයින් වල තියනවා හොඳ ඩිමාන්ඩ් එකක්... ගුවන් යානාවලට ෆිෂ් කාර්ගෝ වලට.., උත්සාහ කරන්න UL එකට profit ගන්න පුළුවන්..

:       0       0

banda Tuesday, 12 May 2020 10:00 AM

අර ප්‍රංශයේ හිරවෙලා ඉන්න පිස්සන් කොටුවේ කෙනානම් ලංකාවට ගේන්න එපා.

:       17       166

Samitha Senaka Aluthgamage Tuesday, 12 May 2020 11:20 AM

සියලු කරදර දුරුවී අප රටට ජයවේවා !!!

:       0       0

mangala Tuesday, 12 May 2020 12:32 PM

ලන්කාවට ආවම නිරෝධනය කරන්නේ නැද්ද?

:       0       1

samantha jayasekara Tuesday, 12 May 2020 06:20 PM

විදේශගත වෙලා ඉන්න අය ගෙන්වා ගැනීම ගැන ආර්ටිකල් එකක් කරන්න නිරෝදයනය සම්බන්දව 1. එන අය පොඩි පොඩි හෝටල් වල නිරෝදයනය කිරීම - දිනකට 1000 - 3000 වගේ මුදලකට කාමරයක් අරගැනීමට හැකි පරිදි 2.තම තමන්ගේ ගෙවල් වල attach bath room හෝ visitor room තියෙන යට එලියට නොබස නීරෝදයනය වීම 3.තම ගෙදර අය නෑදෑ ගෙදරකට යොමු කොට / තමන්ට අයත් කවුරුත් නැති ගෙදරක හුදකලාවී නිරෝදයනය වීම. 4.රජය නම් කරන ගමේ හෝටලයක පොලිස් අධීක්ෂණය යටතේ කාමර වෙන් කරවා ගෙන නිරෝදයනය වීම. මෙහෙම කලොත් කොහොමත් covid 19 ආසාදනය වෙන්නේ නැහැ... මේ සම්බන්දව රජය දැනුවත් වනපරිදි Article එකක් කරන්න කරුණාකරලා. මොකද මෙහෙ ගොඩාක් අය අසරණ වෙලා ඉන්නේ අනික එක රජයටත් හොදයි. මිනිසුන්ටත් හොදයි

:       0       63

SenaWednesday, 13 May 2020 03:11 AM

වැදගත් කියවීමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 433 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site