පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා ඉදිකෙරෙන ‘‘ගුවන්‘‘ අධිවේගී මාර්ගයක මූලික වැඩකටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පොළවින් ඉහළට ඔසවා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයෙන් රථවාහන තදබද අවම කර ගමන් කාලය ඉතිරි කර ගැනීම අරමුණු කෙරේ.
පාලමේ මූලික කටයුතු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් මාර්ග සංවර්ධන අධිකාරිය හා ඕස්ට්‍රේලියාවේ එච්.ඒ.එස්.එස් සමූහය අතර අත්සන් තැබීමට නියමිතය.
ව්‍යාපෘතියේ එක් අංගයක් වන කැළණි ගඟ හරහා ඉදිකෙරෙන අලූත් පාලමේ කටයුතු ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (ජයිකා) යටතේ වෙනම ක්‍රියාවට නැංවේ.
අධිවේගී මාර්ගය පිළිඹඳ සැළැස්ම මේ වන විට අධ්‍යනය කර සහතික කරද අවසන් අතර ඒ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ ආසියා සංවර්ධන බැංකුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලෝචිත වැඩක්.(හේ)
ඉක්මනින් හැදුවා වගේ නෙමෙයි ඉක්මිනින් බිම වැටෙයි.(හේ)
ඉක්මනට හදන්න. දැනට පෑලියගොඩ සැහෙන තදබදයක් ඇතිවෙනවා. ඉතාමත් කාලෝචිත වැඩක්. (ස)
ගෙන තියෙන තීරණය ඉතාමත් වැදගත් තීරණයක්.(හේ)
ඇත්තටම හොද දෙයක්.(හේ)
මේ දේ නිසා ජනතාවට පහසුවක්.(හේ)
හැදුවා වගේ නෙවෙයි අනතුරු වැඩි වෙනකොට.(හේ)
ඉක්මනට හදන්න.(හේ)
සුබ අනාගතයක්.(හේ)
ඉතා හොද වැඩක්. ඉක්මනින් ඒ මාර්ගයත් ඉදි වේවා..! (හේ)
ලොකු දෙයක්.(හේ)
මේ නිසා ඉක්මනින් යන්න පුළුවන්.(හේ)
ඒකනම් හොද වැඩක්.(හේ)
ඉක්මනට හදන්න. දැනටම පැලියගොඩ සැහෙන තදබදයක් තියෙනවා.(හේ)
ඉක්මනට හදන්න. දැනට පැලියගොඩ සැහෙන තදබදයක් ඇතිවෙනවා. ඉතාමත් කාලෝචිත වැඩක්. පොදු ප්‍රවාහන සේවය දියුණු කළා නම් තවත් තදබදය අඩු වෙනවා. වෙලාවට දුම්රිය, බස් ධාවනය කළා නම්, ඉතා හොද වැඩක්. ඉක්මනින් ඒ මාර්ගයත් ඉදි වේවා..! සුබ අනාගතයක්.(හේ)
පුළුවන් නම් තව තැන් කීහිපයක මේ වගේ තැන් හැදුවානම් නරකද?(හේ)
මේක හැදුනම කට්ටිය ඉක්මනට යයි.(හේ)
සාර්ථක වේවා. ඉක්මනින් ඉදිවේවා.(හේ)
ඉතා හොඳයි. (ස)
ඇතුල්කෝට්ටේ හන්දියෙත් එකම තදබදයක්. ඒකටත් පිළියමක් යෙදුවොත් හොඳයි. (නි)
ඉතා හොඳ කටයුත්තක් (නි)
මෙවගේ ප්‍රතිථල ගන්න නම් අපේ ජනාධිපති තුමාට තව කාලයක් දෙන් ඔනේ (අ)
කොච්චර හයිවේ හැදුවත් වැඩක් නැහැ. ඒ වගේ යන්න සල්ලි ගන්න නිසා පොඩි මිනිස්සු යන්නේ සාමාන්‍ය පාරවල් වලම තමා (නදී)
පාලම හදන එකනම් හොදයි.ඒත් අනතුරු වැඩි වෙයි.(හේ)
ලොකු දෙයක්.ඉක්මනටම කරන්න.(හේ)
ශ්රී ලංකාවට අවශ්‍ය වනුයේ අධිවේගී මාර්ග නොව ඉතා හොඳ පොදු ප්‍රවාහන පද්ධතියකි. එමගින් දැනට පාරවල්වල ඇති පුද්ගලික වාහන ගණන අඩකින්වත් අඩුකරගත හැකි අතර වැඩිපුර හෝ විශාල මාර්ගවල අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. (නි)
මෙය කොළඹ නගරයේ වාහන තද බදයට ඉතාම හොඳ විසදුමක්. ඉතා ඉක්මනින් අවසන් කරන්න ශක්තිය ලැබේවා.(හේ)
සංවර්ධනය හොඳයි. නමුත් හිසට වහළක් නැති අසරණ පවුල් කීයක් නම් සිටීද? මේවා ගැනත් අවධානය යොමුකරන්න (නි)
පුදුමයි චීනය ගාවාගත්තේ නැති එක (නි)
කොච්චර පාරවල් හැදුවත් විනයක් නැති රියැදුරන් ඉන්න රටක තදබදය අඩුවක් නොමැත (නි)
දයා අලහකෝන් ,මේ පාළම යට ගෙවල් හදාගෙන මිනිස්සුන්ට පදිංචි වෙන්න පුළුවන් , එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි . ගෙවල් අඩුම තරමේ 10000 මේක යට හදන්න පුළුවන් , කොහොමද අපේ වැඩ ?(දිල්)
මේ පාලම යට ගෙවල් හදාගෙන මිනිස්සුන්ට පදිංචි වෙන්න පුළුවන් , එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි . ගෙවල් අඩුම තරමේ.(හේ)
තදබදය නැති කරන්න පොදු ප්‍රවාහනය දියුණු කළානම් තව පාරවල් ඔය තරම් ඕන වෙන්නේ නෑ නේද?(හේ)
පාළම හැදුනම අපේ අය තවත් වාහන වලින් ඉගිල්ලෙන්න යයිද දන්නේ නෑ.(හේ)
මේ පාලම ඉදිකිිරීම තුළින් වාහන තදබදයට හොද විසදුමක් ලබා ගත හැකි වෙයි.(හේ)
අපගේ රියදුරු මහත්ම මහත්මීන්ගේ මාර්ග නීති හා විනය තව හොඳ වෙන්න වෙයි ඔය වගේ මාර්ග පාවිච්චි කරන්න.(හේ)
අපේ රියදුරන්ගේ විනය හදන්නේ නැතුව මාර්ග හැදුවට වැඩක් වෙන්නේ නෑ.(හේ)
රත්නපුර නගරය මගහැර යන්න පුලුවන් පුළුල් මාර්ගයකුත් ඉතා වැදගත්.(හේ)
මෙම වැඩසටහන ඉතාමත්ම හොඳයි. නමුත් උමං දුම්රිය හා වාහන මාර්ග පද්ධතියකට කොළඹ නගරය සකසාලීම අනාගත ප්‍රවාහන සැළැස්මකට රුකුලක් වේවි නේද? (නි)
කිසිදා පිටරටකට පයගසා නැති,මෙවැනි මාර්ග දැකලා නැති කෙනෙක් කියනවා පාලම යට ගෙවල් හදන්න පුළුවන් කියලා....? (නි)
මේ ගුවන් මාර්ගය හදන එක ඉතා අවශ්‍ය දෙයක්. ඒ වගේම හැකි ඉක්මනින් කඩුවෙල මංසන්දියට ගුවන් පාලමක් හදලා දුන්නොත් ඉතා වටිනවා.උදේට සවසට මෙම හන්දියේ ඇතිවන වාහන තදබදය නිසා නව නුවර පාරේ සහ කැලණිය දෙස සිට එන වාහන, බියගම බණ්ඩාරවත්ත හන්දියේ සිට බත්තරමුල්ල දෙස සිට එන වාහන, පිට්ටුගල ප්‍රදේශයේ සිට කොළඹ පහළ පාරේ එන වාහන, වැලිවිට හේවාගම සිට සහ රත්නපුර, අවිස්සාවේල්ල දෙස සිට එන වාහන බෝමිරිය වෙලේ හන්දිය ප්‍රදේශයේ සිට නතරකරගෙන විනාඩි 45 ක් පැයක් පමණ ඉන්න වෙනවා. (නි)
හොඳ වැඩක්. ඉක්මනින් නිම කරන්න. ඒවගේම කඩුවෙල හතරමං හන්දියටත් ගුවන් පාලමක් හදලා දෙන්න. උදේට සවසට මෙම හන්දිය පසුකරන්න විනාඩි 45 ක් පැයක් පමණ ගතවෙනවා. එතරම් වාහන තදබදයක් තියෙන්නේ. (නි)
දිනපතා වැඩිවන වාහන තදබදයට මෙය ඉතා හොඳ විසදුමක් වේවි. පාරවල් වල කාපට් කන්නද කියන මිනිසුන් මෙයටද උඩින් පාරවල් කන්නද කියා අසාවි. (ස)
ඔය පාරවල් වල කාපට් කන්නද. උඩින් පාරවල් කන්නද .සංවර්ධනේ කන්නද. (ස)
ඉක්මනින් වෙනවනම් හොදයි.(හේ)